(යොහාන් භාසුර)
කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ගමන්වාර හයක තුන්වන පන්තියේ වෙන්කළ ආසන අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති පවසයි.
ලබන මාර්තු මස 10 වන දින සිට දුම්රිය කිහිපයක තෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා තීරණය කර තිබූ බවත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙකක හා තලෙයිමන්නාරම බලා ධාවන වන දුම්රියේ මෙලෙස තෙවන පංතියේ වෙන් කල ආසන පහසුකම ඉවත් කිරීමට නියමිතව තිබූ බවත් වෘත්තිය සමිති වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.