(නිමන්ති රණසිංහ)
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය .
මෙම නඩුවට අදාළව සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9 ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද කොන්දේසියක් නියම කළේය.
විදෙස් ගමන් තහනම ට අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර් වරියට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවේ විභාග වූ තවත් වඩු හතක් සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි යන අයට ඉකුත් අඟහරුවාදා අධිකරණයෙන් ඇප නියම කෙරිණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තිළිණිට ඇප ලැබේ
යෝගා Friday, 16 December 2022 12:35 PM
තිළිණි සල්ලි ගත්තා සැප වින්දා. වැඩි තණ්හාවට සල්ලි දාපු මෝඩයින්ට හුළං. නඩුව කාලයක් අහයි. කලුකෝට් කාරයින් හම්බ කරගනියි. වැඩිම වුණොත් අවුරුදු 05 කට 10 කට ඇතුළට දායි. නාටකය එතැනින් අවසානයි.
ravin Friday, 16 December 2022 12:40 PM
බෝක්කු කටක් නේද තියෙන්නේ? ඇප නොලැබුණොත් වහන්න අමාරු වේවි...!
sharm warn Friday, 16 December 2022 01:59 PM
ඒකනේ ඉතින්. නිකන් බොරුවට හිරේ දාගෙන... නැති දේවල් මවා පානවා. මිනිස්සුන්ගේ කාලේ මෙහෙම කන්න එපා. මේ ගොල්ලෝ, ඒගොල්ලෝ යාළුවෝ කියලා රටම දන්නවා. පොඩි අවුලකට තියෙන්නේ, මිනිස්සු මේ කතාවට එයාලා බලාපොරොත්තු වෙච්චි තරම් කුලප්පු වුණේ නැති එක... පවු ඉතින්... ඔයා ගෙදර ගිහින් සතුටින් ඉන්න ප්‍රියමාලි...
Sidira Friday, 16 December 2022 04:04 PM
අපිනම් දැනගෙන හිටියා අවදානය ඔච්චරයි කියලා...