IMG-LOGO

තෙල් නැති වුණොත් දුම්රියත් කොට උඩ

 

(නිමල කොඩිතුවක්කු)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන දෛනිකව ලබා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටලු මතුවිය හැකි බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුවඉන්ධන ලීටර් ලක්ෂ 5ක 6ක පමණ සංචිතයක් තිබුනත් මේ වන විට එය ලක්ෂ තුන හමාර දක්වා අඩුවී ඇතැයි ද දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී විතානගේ මහතා පැවසීය.

නියමිත පරිදි දුම්රිය ධාවනය වන්නේ නම් දිනකට ඉන්ධන ලීටර් ලක්ෂයක පමණ ප්‍රමාණයක් වැයවන බවත් ඔහු සඳහන් කළේය.

මරදාන දුම්රිය සේවක සංගම් කාර්යාලයේ අද(25) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.



අදහස් (5)

තෙල් නැති වුණොත් දුම්රියත් කොට උඩ

සනත් ඉතාලිය Tuesday, 25 January 2022 05:14 PM

මේක විශාල මඩ ව්‍යාපාරයක්... හැමදාම මොකක් හෝ අල්ලගෙන කොහෙවත් ඉන්න හාල්පාරුවන්ගේ මොකක් හෝ මාධ්‍ය සංදර්ශනයක් අල්ලලා ඒක මාධ්‍ය ප්‍රචාරය කරන දැන් එහෙම නොදෙන කතාවක් කිව්වාද? අද විතරයි විදුලිය හෙට විතරයි කියකිය සතිගාණක් ගියා. අන්තිමට ඒ හීනේ බොඳ වුණාම දැන් වෙන එකක් අල්ලාගත්තා. මේ වෘත්තීය සමිතිකාරයින්ව උල තියන්න ඕනේ... කාගෙ හරි මුදලකට කුලියට කහිනවාට...

:       12       8

nimalTuesday, 25 January 2022 08:23 PM

ලංකාවේ ආණ්ඩු තිබුණාට වෘත්තිය සමිතින්ගේ අවශ්‍යතාවය මත රට පාලනය කිරීමට සිදුව ඇත. මෙහිදී ජනතාව තේරුම් ගතයුතු වන්නේ මෙම රාජ්‍ය ආයතනය තුළ පිහිටුවාගෙන තිබෙනුයේ ස්වාධීන වෘත්තිය සමිතීන් නොව දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පවතින රජයට විරුද්ධව ක්‍රියා කිරීම හැර වෙනත් ධනාත්මක යමක් ඔවුන්ගෙන් සිදුවන්නේ නැත...

:       0       7

Prabha Tuesday, 25 January 2022 06:01 PM

ටිකට් දෙන්නේ නැතිව කෝච්චි දිවුවා.. ටිකට් දීපු කෝච්චි මග නතර කර... ආදායමක් නැතිව කොහොමද තෙල් ගන්නේ? ඔය කටින්ම ඒ ගැනත් පොඩ්ඩක් කිව්වොත් නරකද?

:       0       11

sugath Tuesday, 25 January 2022 07:43 PM

වෘත්තීය සමිතිකරුවන් කළ මෙවැනි ප්‍රකාශ සඳහා කිසිම ප්‍රසිද්ධියක් ලබාදිය යුතු නැහැ. ඊට හේතුව නම්, රටට ඉන්ධන ආනයනය කිරීම ඔවුන්ගේ වගකීමක් නොවීමයි.

:       0       6

anura Wednesday, 26 January 2022 09:57 AM

ඕක මහ ලොකුවට කියලා කෑගහන්න අවශ්‍ය නැහැ. කවුරුත් දන්නවා ඩීසල් දුම්රිය, ඩීසල් මිස ඇල්වතුරෙන් දුවන්නේ නැති බව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site