IMG-LOGO

තිලීපන්ගේ ගුණ මුලතිව්හීි දී සමරයි

( රොමේෂ් මධුෂංඛ)

 එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන තිලීපන් නොහොත් රාසයියා පාර්දීපන්ගේ 36 වන ගුණ සැමරුම මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී දේශපාලන නියෝජිතයින් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි.

පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුලු නියෝජිතයින් සහ සිවිල් ක්‍රියාකාරී කමිටු සාමාජිකයින්ගේ සංවිධානත්වයෙන්   දිලීපන්ගේ ගුණ සැමරුම ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට ප්‍රදේශවාසී ජනතාවද සහභාගී වූහ.

ගුණ සැමරුමට එක්වූ පිරිස් විසින් දිලීපන්ගේ රුව සහති බැනරයකට මල්මාල දමා පහන් දැල්වීම සිදුකළ අතර දිලීපන් ගුණ සැමරුමට එරෙහිව පවතින විරෝධතාවන් වෙනුවෙන් නැගී සිටිය යුතු බවටද මෙහිදී රැස්වූවෝ වැඩිදුරටත් පවසා සිටියහ.

1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවටයි

එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.

මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් තිලීපන් ලෙසින්ය.

 



අදහස් (5)

තිලීපන්ගේ ගුණ මුලතිව්හීි දී සමරයි

මැක්ස් Tuesday, 19 September 2023 04:17 PM

තිලීපන් ගැන දුක් ගී ගායනාවලට සමාජ මාධ්‍ය හරහා මේ දිනවල වැඩියෙන්ම ඉදිරිපත් වී සිටින්නේ ලිබරල්වාදීන්, නිරාගමිකයන් වශයෙන් සළුපිලි හැඳ සිංහල බොදු සංස්කෘතික අංගවලට පහර එල්ල කරන ජෙපි හමුදාවයි. මිය ගිය ත්‍රස්තවාදියකු වන තිලීපන් කෙරේ ඇති දයානුකම්පාවකටත් වඩා එහි ඇත්තේ යුද හමුදාව කෙරේ ජනතාව තුළ අප්‍රසාදය ජනිත කිරීමයි. තිලීපන් යනු නිරායුධ අහිංසකයකු නොව අවි දැරූ ත්‍රස්තවාදියකු ය යන කාරණය මෙම ඊනියා මානව ප්රෙමින්ට තම කිඹුල් කඳුළුවලින් වසා දැමිය නොහැක.

:       1       2

විජේ Tuesday, 19 September 2023 05:47 PM

සිංහල මිනිස්සුන්ට වගේම දෙමල මිනිස්සුන්ටත් වීරයො ඉන්නවා. ඒ මිනිස්සුත් ඒ මිනිස්සු වෙනුවෙන් මියගිය අය සිහිකරන්න ඕනෙ. ඒත් දේශපාලකයන්ගේ උගුල්, කෙටවිලි ගැන හැම ජාතියක්ම කල්පනාකාරී විය යුතුයි. ඉදිරියට ලුතිනන් කර්නල් තිලීපන්ලා බිහි නොවිය යුතුයි. රාසයියා පර්දීපන්ගේ ජීවත්වීමේ නිදහස තහවුරු කලයුතුයි.

:       2       2

fairoos Tuesday, 19 September 2023 06:32 PM

අනේ වෙන දේවල් නැද්ද ගහගන්න

:       0       0

Bamunuarachchi Thursday, 21 September 2023 06:39 AM

අපෝ තවත් දේවල් තිබෙනව ගහගන්න. එකක් කාදිනල් නැවැත්තුවා. නැතිනම් අපිට 9% ජනගහනය 4% ගෙනෙන්න තිබුන. අපේ එවුන් තවම සැබෑ ත්‍රස්තයා හඳුනාගෙන නැහැ. එනිසයි උන්ගේ කරෙන් බිහික්ෂු දේහ වැඩම කරන්නේ.

:       0       0

Mohan Mapa Thursday, 21 September 2023 12:22 AM

විජේ තිලිප්පන් කියන්නේ අපේ රට විනාශ කරපු ත්‍රස්ත නායකයෙක් ඇයි ඔය වගේ තිරිසන්නු සිහිකරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site