
(සුජිත් හේවාජුලිගේ)
ජාතික තරුණ සේවා සභාව තරුණ තරුණියන්ගේ දැනුම කුසලතා නැංවීම සහ ශිල්පිය දැනුම වර්ධනය කිරීම සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යොදා ගැනීම වෙනුවට තරුණ තරුණියන්ට රසාස්වාදනය ලබාදීමට යැයි පවසමින් පසුගිය වසරේදී ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග පැවැත්වීමට පමණක් රුපියල් කෝටි තිස් දෙකකට වැඩි මුදලක් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය එම සභාවේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ විගණන වාර්තාවේ දැක්වේ.
ඔවුන් මෙම සංදර්ශන පවත්වා තිබුණේ ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරන ප්‍රදර්ශන සහ සැණකෙළි තුළින් 2030 වන විට තරුණයන්ගේ ශාරීරික සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය මෙන්ම බෝවන රෝග වැළඳීමේ අවස්ථාව තුනෙන් එකකින් අඩුකර ගත හැකි බව දක්වමිනි.
නමුත් එසේ ලෙඩ රෝග අඩු කරගත හැකි බවට විද්‍යාත්මකව සනාථ කර ගැනීමට කරුණු දක්වා නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
බණ්ඩාරවෙල නගරයේ පැවති සංගීතමය වැඩසටහනකට අවශ්‍ය සේවා කුලී පදනම මත සපයා ගැනීමේදී අමතර ගෙවීමක් මත රජයට ලක්ෂ තිහකට වැඩි මූල්‍යමය අලාභයක් සිදු වූ බව පවසන එම වාර්තාව ඉහත මුදල වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගත යුතු බවටද නිර්දේශ කරයි.
එසේම ජාතික තරුණ සේවා සභාව නෙළුම් පොකුණ රඟහලේදී 2024 වසරේ දෙසැම්බර්31 දින පැවැත් වූ සංස්කෘතික හා සංගීතමය ප්‍රසංගයක් වෙනුවෙන්ද රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වැය කර තිබූ බව එහි සඳහන් වෙයි
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තරුණ සේවා සභාවේ තව සෙල්ලම් විගණනයෙන් එළියට
Pradeep Kumara Tuesday, 10 June 2025 01:31 PM
එකිනෙකා වැඩ කරන්නේ තම තමන්ගේ බුද්ධි මට්ටමට අනුකූලවයි. ඉතිං පෙර සිටි පාලකයින් තරුණ තරුණියන්ගේ තිබූ දැවෙනම ප්‍රශ්නය ලෙස මෙය දැක ඊට පිළියමක් ලෙස සංගීත සංදර්ශණ පවත්වන්න ඇති. පව් ඉතිං ඔවුන්ට තේරෙන විදියනේ...