(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට අලුත් සංශෝධන ඇතුළත් කෙරුණු සංශෝධිත පනත් කෙටුම්පතක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ(10) ඉදිරිපත් කරනු ලැබීය.
මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනෙක විවාදයට ගැනීමට නියමිතය.
අමාත්‍යවරයා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා අධිකරණ අමාත්‍යවරයා වෙනම පනතක් ගෙන එන බව ප්‍රකාශ කර ඇති අවස්ථාවක සංශෝධිත පනතක් ඉදිරිපත් කළේ කුමකටදැයි ප්‍රශ්න කළේය.
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ ස්ථාවර නියෝග අනුව මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි.
කිසිවකු හෝ මෙම පනත් කෙටුම්පතට විරුද්ධ නම් ඔවුනට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද ඔහු පැවසුවේය.
මේ අවස්ථාවේදී සුමන්දිරන් මන්ත්‍රීවරයා හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් කතාබහක් ඇතිවිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ත්‍රස්තවාදය වැලැක්වීමට සංශෝධිත පනතක් මැතිසබයට