
(ගයාන් සූරියආරච්චි)
බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකායට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් පරීක්ෂකවරයකු සිවිල් ඇදුමින් හැව්ලොක්, කැප්පෙටිපොළ පාර පදික මාරුව හරහා ගමන් කරමින් සිටියදී කිරුළපන දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයක් එම නිලධාරියා හප්පා පලාගොස් ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.
එම අනතුරින් පොලිස් පරීක්ෂකවරයාගේ දකුණු පාදය තුවාලවී ඇති අතර එම නිලධාරියා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්තව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවෙස්නයේ රාජකාරී කරනු ලබන එම පොලිස් පරික්ෂකවරයා හදිසි අවශ්‍යතාවක සදහා තම බැංකු කාඩ් පතෙන් මුදල් ලබාගැනීම සදහා හැව්ලොක් පාර, කැප්පෙටිපොළ පදික මාරුව හරහා පාර මාරුවී ඇති බව පොලිසිය පවසයි.
එහිදී කිරුළපන දෙස සිට තුම්මුල්ල දෙසට ධාවනය කළ ත්‍රිරෝද රථයක් එම නිලධාරියාගේ ඇගේ හැපී ඇති අතර එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ රියැදුරු පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
අනතුරුව දකුණු පාදයේ තුවාල සහිත නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
එම ස්ථානය අවට ඇති සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණය කර සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
COMMENTS
ඇමති පුතාලා ඩිෆෙන්ඩර් වලින් ගිහින් හප්පල මරණ ඒවගෙ නඩු අහල නිදොස් කොට නිදහස් කරලත් ඉවරයි.කාට හරි මතකද?