
(ටී.කේ.ජී.කපිල )
තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම සම්මේලනය තායිලන්තයේ , හයෝමි නුවර පැවැති අතර ඊට ලෝකයේ රටවල් 44 ක තරුණ විද්‍යාඥයන් 1,400 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 04/05 දින සිට 04/11 පැවැත්විණි .
එහිදී මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ කවීෂ නෙත්සර සිසුවා ඉදිරිපත් කළ විවිධ මත්ස්‍යයන්ට ජීවත් වීමට සුදුසුම පරිසරය , විද්‍යාත්මක ක්‍රමවේදයකින් සොයා දෙන පර්යේෂණයට ලෝකඩ පදක්කමක් හිමි වී තිබුණි .
එසේම කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ මහසෙන් දොඩංගොඩ සහ රෙහාන් ජයකොඩි සිසුන් එක්ව ඉදිරිපත් කළ , කපා ඉවත් කරන කෙසෙල් අල වලින් මිනිස් සිරුරට පෝෂ්‍යදායී කිරිපිටි වර්ගයක් නිෂ්පාදනය කරන පර්යේෂණයට ද ලෝකඩ පදක්කමක් හිමි වී තිබුණි .
එමෙන්ම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයයේ තෙව්මලී පියදාස සිසුවිය ඉදිරිපත් කළ , දැනට අප පරිසරයට මිශ්‍ර වී ඇති පොලිතීන් පරිසරයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදය ඇතුලත් පර්යේෂණ නිබන්ධය සදහා ද ලෝකඩ පදක්කමක් හිමි වී තිබුණි .
2025 දෙසැම්බර් මස 04
482
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී අපේ තිදෙනකුට ලෝකඩ පදක්කම්
ලක්ෂා Saturday, 12 April 2025 01:20 PM
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ තෙව්මලී පියදාස සිසුවිය කෝ...? මෙතැන ඉන්නවද එයා...?
Lasandu Sunday, 20 April 2025 10:56 AM
සුභ පැතුම් දූපතෙන් ඉක්මනින් එලියට යෑමට