IMG-LOGO

තුන්කොන් ප්‍රේමයෙන් බරණට බරපතලයි

(කුෂාන් ජයවර්ධන)

තුන්කොන් ප්‍රේමයක් මුල් කරගනිමින් කලාවැව ජාතික උද්‍යානයේ ඇතුන් දෙදෙනෙකු අතර ඇතිවූ ද්වන්ධ සටනකින් තුවාල ලැබූ බරණ නම් දළ පූට්ටුවාට කැකිරාව මිරිස්වත්ත කැලෑ බද ප‍්‍රදේශයේ රැදී සිටියදී නිර්වින්දනය කර ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළ බව ගනේවල්පොල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුලු පශු වෛද්‍ය කණ්ඩායමක්  ප‍්‍රතිකාර කටයුතු සිදු කරති.

මින් දින කිහිපයකට ඉහතදී එම ඇත් පොරය ඇතිවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. හඳුනා නොගත් ඇතාගේ පහරදීමෙන් බරණ ඇතාගේ ශරීරයේ ස්ථාන රැසක තුවාල සිදුව තිබේ. තුවාල ලත් ඇතාගේ දළ යුගලයේ කෙලවර කතිර හැඩයට එකිනෙක මත පිහිටා තිබීම හේතුවෙන් සටන්වලදී මෙම ඇතාට අවාසියක් වී තිබෙන බව වනජීවී නිලධාරීහු පවසති

මෙලෙස තුවාල ලැබූ බරණ නම් දළ පූට්ටුවා මේ වනවිට කලාවැව ජාතික උද්‍යානයෙන්  පිටව ගොස් සිටියදී නිර්වින්දනය කර ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළ බව පශු වෛද්‍යවරු කියති.



අදහස් (2)

තුන්කොන් ප්‍රේමයෙන් බරණට බරපතලයි

Bandara Tuesday, 25 January 2022 12:59 PM

පිරිමි අතර සටනක් කොතනද, එහි කොහේ හෝ කෙළවරක ගැහැණියක් ඇත.

:       0       12

සමන් - ඕමානය Tuesday, 25 January 2022 01:32 PM

බරණට ඉක්මනින් නැවත සුවය ලැබේවායි පතමි. මෙම හස්තියා දල වලට කෑදර තුච්ඡ මිනිසුන්ගේ වෙඩි පහරට ගොදුරු නොවෙවායිද පතමි.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site