IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තාත්තයි - පුතයි පිහියෙන් ඇණගෙන

(සනත් ගමගේ)

අම්බලන්තොට රුහුණු රිදියගම දියවර ගම්මානයේ නිවසක අද දහවල් පිය පුතු දෙපළක සිදු වූ පිහිය ඇණුමකින් දෙදෙනාම තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත.

පුතා මව සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් එය බේරිමට ගිය පියාගේ නලල ප්‍රදේශයට පිහියකින් ඇනීම නිසා තුවාල සිදු වි ඇති අතර, එම පිහියම ගෙන පියා පුතාගේ වම් ඇලයට අනීමෙන් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

පුතාගේ ඇඟේ වැදුනු පිහිය සමග දෙදෙනාම රෝහල් ගත කර ඇත. පුතාගේ ඇඟේ තිබෙන පිහිය ගැනිම සඳහා තුවාල කරු කරාපිටිය රෝහල වෙත මාරු කර යැවිමට නියමිත බව හම්බන්තොට රෝහල් ප්‍රකාශකයෙක් කිය.

මත් කුඩු වලට ඇබ්හි වි සිටි පුතා සිය නිවසේ ඇති රුපවාහිනි යන්ත්‍රය විකිණිමට ගෙන යැමට උත්සාහ කිරිමේ දි එයට විරෝධය පල කළ මව  සමග ආරවුලක් ඇති කරගනිමින් සිටියදි පියා එම ස්ථානයට පැමිණ ඇත. 

පුතාගේ අතේ තිබු පිහියෙන් පියාගේ නලල මතට ඇනීම නිසා තුවාල සිදු වි ඇති බවත්. පසුව පියාගේ අතින් පුතාගේ වම් ඇල පොත ප්‍රදේශයට පිහි පහර එල්ල වි ඇති බවත්, මූලික පරීක්ෂණවලින් හෙලි වි ඇතැයි පොලීසිය කියයි.

 



අදහස් (2)

තාත්තයි - පුතයි පිහියෙන් ඇණගෙන

ජයනාත් Tuesday, 04 February 2025 06:23 PM

පුදුම විදියට පුද්ගල ආකල්ප වෙනස් වෙලා. සමාජය අතිශයින් තිරිසනුන් ගානට වැටිලා . මේ තත්වයෙන් රට ගොඩ ගන්න කොච්චර කල් යයිද .. ක්ලීන් කරන්න ඕන මෙන්න මේ තිරිසන් ආකල්ප .

:       0       3

Abid Wednesday, 05 February 2025 05:21 PM

පේනවා නේද මත්කුඩුවල බලපෑම්...? වහාම තුරන් කළ යුතුයි. ආකල්ප හදන්න ඉස්සෙල්ලා මත්කුඩු නවත්වන්න ඕනෑ. මත්වුණාට පස්සේ මොන ආකල්පද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site