
(රංජිත් රාජපක්ෂ)
පියා සහ බාල පුතා එක් වි වැඩිමල් පුතාට මුගුරුවලින් පහර දි ඝාතනය කර ඇති බව පුඩළුඔය පොලිසිය පැවසිය.
මෙසේ ඝාතනයට ලක් වි ඇත්තේ පුඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සිනන් වත්ත පහල කොටසේ පදිංචිව සිටි සික්කන් නඩේෂන් නවින්කුමාර් නැමති (21) හැවිරිදි එක්දරු පියෙකි.
ඊයේ (30) දින පස්වරුවේ පියා සහ වැඩිමහල් පුතා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවත්, පියා නිවසට පැමිණෙන අවස්තාවේ නිවසේ අධික ශබ්දයෙන් වැඩිමහල් පුතා සිංදු අසමින් සිට ඇති බවත්, එම අවස්තාවේ පියා විසින් ශබ්දය අඩු කරන ලෙසට පුතාගෙන් ඉල්ලිමක් කල විට පුතා විසින් පියාට පහර දි ඇත.
එම අවස්තාවේ පියාට පහරදිමට උරණ වු බාල පුතා සිය සහෝදරයාට මුගුරකින් පහර දිමත් සමග වැඩිමහල් පුතාගේ පහර කැමෙන් බිම වැතිරි සිටි පියාගේ හිස මතට වැඩිමහල් පුතා විසින් විශාල ගලක් රැගෙන දමා ඇති බවත්, පසුව බාල පුතා සහ පියා එක්ව මුගුරු වලින් පහර දි වැඩිමහල් පුතාව නිවස ඉදිරිපිටදි ඝාතනය කර ඇති බව ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පුඩළුඔය පොලිසිය කියා සිටියේය.
ඝාතනයට ලක් වු වැඩිමහල් පුතාගේ පහර කැමෙන් තුවාල ලැබු පියා සහ බාල පුතා කොත්මලේ ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තාත්තාගේ- සහෝදරයාගේ පොලු පහරින් අයෙක් මරුට