(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයක මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් අභිරහස් ලෙස ඇද වැටී මියගිය 15 හැවිරිදි පිරිමි දරුවාගේ ශරීරයෙහි මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති බවට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති බව බම්බලපිටිය පොලිසිය කියයි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණ අංක 3 අධිකරණයේ මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මියගේ නියෝග මත විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.
පපු ප්‍රදේශයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් තිබුණේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි රාජා අභිලාශ් නැමැති දරුවාය. ඔහු පවුලේ එකම දරුවා විය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තට්ටු හතෙන් වැටුණු දරුවාගේ සිරුරේ මත් ද්‍රව්‍ය
Udhuli Tuesday, 01 February 2022 10:57 PM
පුතාට නිවන්සුව ලැබේවා...!
Bunny Preena Wednesday, 02 February 2022 08:48 AM
දරුවන් ගැන දෙමව්පියන් හොඳ අවධානයකින් හිටියේ නැතිනම්... හරි විදිහේ ගුරුහරුකම් දුන්නේ නැතිනම්, ඒගොල්ලෝ ගැන හරි විදිහට සොයාබැලුවේ නැතිනම් ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්..