IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ණය දුන් රටවල් සමග ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන් අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" නමින් නව ආයතනයක් පිහිටුවමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා කීය.

2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය .



අදහස් (11)

ණය දුන් රටවල් සමග ගිවිසුමක්

රංජිත් Wednesday, 19 June 2024 12:36 PM

ණය දුන් රටවල් සමග ගිවිසුමක්...!

:       1       8

චන්දිම Wednesday, 19 June 2024 12:53 PM

අනේ ඔය ගහන ගිවිසුම් වල තියෙන්නේ මොනවද කියලා අපිට රටේ මිනිස්සුන්ට කල්තියා කියන්න. මොකද අපිටම තමයි ඕවායේ තියෙන තරමක් බර ඇදගෙන යන්න වෙන්නේ. මේක බංකොළොත් කළේ අපි නෙමෙයි. කලින් කලට බලේ අරන් ඔහෙලා නටපු නෙයියාඩම් හින්දයි. දැක්කානේ හොරෙන්ම අපේ ගෙවල් වලටත් බදු ගහන්න සෙට් කළා. imf එකේ මනුස්සයා මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වේ නැත්නම් අපි එකවත් දන්නේ නැහැ...

:       9       25

බද්රානි Wednesday, 19 June 2024 01:38 PM

ලංකාවේ හොර තක්කඩි පාලකයෝ කොමිටි හා ගිවිසුම් ගහන්න නම් හපන්නු... වැඩකරන ජනතාව හැමදාම හිඟන්නු... හොර පාලකයින්ට ආවඩන මදාවියන්, ඔවුන්ට සුර සැපදෙන ගණිකාවන්, රාජ්‍ය නිලධාරීන්, හා ප්‍රාදේශීය හා පළාත්සභා වලට පත්වී සිටින නූගත් මැර දේශපාලකයින් තමයි මේ රටේ ධනවත්තු... රටේ තරුණ ශ්‍රමය පිටරටවලට විකුණා පාලකයින් වැජබීම තමයි සිදුවෙන්නේ... මේක තනිකරම අමනයින්ගේ පාරාදීසයක්... මේ රට අල්ලා ගෙන රටේ ජනතාව මේ හොරුන්ගෙන් මුදා ගැනීම විනා, මේ රට සමග ගිවිසුම් ගැසීමෙන් රටේ ජනතාවට නම් කිසිඳු සෙතක් සිදු නොවේ.

:       6       16

ගමේ එකාලා Wednesday, 19 June 2024 02:45 PM

හොඳට තිබුණු අපේ රට මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා විනාශ කෙරුවේ බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුෂිත දේසපාලුවෝ මිස වෙන කවුරුවත් නෙවෙයි .දැනටමත් දුශිත පවුල් පාලනේ උන් නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හමාරයි .

:       6       15

kapila Wednesday, 19 June 2024 03:03 PM

ඔය ණයබර කරගහන්ට වෙන්නේ ඊළඟට පත්වෙන ආණ්ඩුවටයි.

:       5       15

Ruwan De Silva Wednesday, 19 June 2024 03:52 PM

ඔය ණය ගෙවනනේ අපි... ඒ හින්දා අපෙන් අහන්නේ නැද්ද?

:       6       8

Srimal Wednesday, 19 June 2024 04:01 PM

කර්මාන්ත ගොඩක් හදයි... හදිස්සියේ ඔයා..

:       6       10

රවීන් හේමන්ත කුරේ Wednesday, 19 June 2024 04:42 PM

තමුන් අවුරුදු පනහකට ලංවෙන කාලයක් පාර්ලිමේන්තු ගිහිල්ලත් කරගන්න බැරිවුණු දේවල් මේ එක රැයෙන් කරනවා කියන්නේ... ඔය බොරු තමුන්ගේ කාමරේට වෙලා දොර වහගෙන තනියමම කියාගන්නවා. නැතිනම් තමුන් ඔය කියපු ...කියන ..බොරු පයින් ඇවිදියි.

:       9       10

chandima Wednesday, 19 June 2024 07:25 PM

පිං ජනපති කෙනෙක් එක්ක ගිවිසුම් ගහන්න ඒ ගොල්ලෝ කැමති වෙයිද?

:       2       0

lankasiri Wednesday, 19 June 2024 08:31 PM

ඉස්සරවෙලා කියාපිය ණය අරන් මොකද කලේ කියලා ඊට පස්සේ ගහපිය ගිවිසුම.

:       3       0

බණ්ඩා Wednesday, 19 June 2024 10:30 PM

රටත් දේශපාලනයත්, එහි නව ප්‍රවනතාවයන් ද දන්නා මිනිස්සු, රනිල් යනු කවුද යන්නත් ඉතා හොඳින් දන්නේය. පල් හොරුන් සහ මිනීමරුවන් ගෙන් සමන්විත, තමන් ගේ යහපත උදෙසා අටවා ගත් පක්‍ෂ, අරගලයෙන් පසු ජනතාව ප්‍රතික්‍ෂේප කොට තිබේ. රට අතහැර පලා ගිය, නාවික හමුදා කඳවුරු තුල ජනතාවගෙන් බේරීමට සැඟවුනු උන්ට ජන පදනමක් ඇතැයි සිතා සිටීමත් විහිළුවකි. ඵසේම කුහකයන්ට යනඑන මං නැතිවෙනු ඇත. ජනාධිපති වරයාට සුලු ජන ඡන් ද්මෙන් සුලු පක්‍ෂවලද සහයෝගය තිබේ. මගේ දැණීමට අනුව නම් ජනාදිපති වරයාට පොහොට්ටු උන් ගේ සහයෝගයක් නොමැතිව වුවද අවශ්‍ය ඡන් ද ලබා ගැනීමේ ගැටළුවක් කොහෙත්ම නැත​.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 757 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 905 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site