IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඩීසල් කියා වතුර විකුණු දෙදෙනා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩීසල් යැයි පවසමින් මතුපිටින් ඩීසල් යොදා වතුර ලිටර් 20 බැගින් පිරවූ ප්ලාස්ටික් බූලි තුනක් ලබාදී රුපියල් 24000 මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනා අල්ලාගෙන බණ්ඩාරගම පොලිසියට භාරදීමට තරුණයෝ දෙදෙනෙක් පියවර ගත්හ.

කුඩා ලොරි රථයකින් වෙළෙඳසල්වලට භාණ්ඩ බෙදාහැරීමේ නිරත , තරුණයන දෙනකු අද පෙරවරුවේ බණ්ඩාරගම රයිගම හන්දියෙ වෙළෙඳ සලක් අසල ලොරි රථය නවතාගෙන සිටියදී ඔහුන් අසලට යතුරුපැදියකින් ප්ලාස්ටික් බූලියක් රැගෙන පැමින සැකකරුවන් දෙදෙනා ඩීසල් ලිටර් 20 ක් තිබෙනවා ඕන දැයි විමසා ඇත.

එම අවස්ථාවේදී එම තරුණයකුට ඊයේ රාත්‍රී විද්‍යුත් නාලිකාවල විකාශනය වූ ඩීසල් යැයි කියා වතුර ලබා දී සිදුකළ මුදල් වංචාව මතකයට නැගී ඇත

සැකකරුවන් දෙදෙනාගෙන් මදක් ඈතට ගිය තරුණයන් දෙදෙනා වූ ඩීසල් වංචාව පිළිබඳ ක්ෂණිකව සාකච්ඡා කර එම වංචාව සිදුකර තිබෙන්නේ මොහුන් දෙදෙනා බවට සැක පහල කර ,ඒවා මිලදී ගන්නා මුවාවෙන් ප්ලාස්ටික් භූලියේ තිබූ දෑ ඉවත දැමීමට කටයුතු කිරීමේ දී ඒවා වතුර බවට තහවුරු වීමත් සමගම සැකකරුවන් දෙදෙනා අල්ලා ගෙන ඔවුන් පැමිණි යතුරු පැදියෙ යතුරු ද ඔවුන් භාරයට ගැනීමට සමත් වී ඇත

එම අවස්ථාවේ දී එම මාර්ගයේ ගමන් ගත් පොලිස් නිල රථයක් දුටු තරුණයන් දෙදෙනා වහා එය නතර කර එහි සිටි සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාට මේ බව පවසා ඇත

වහා ක්‍රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරීවරයා ඒ බව බණ්ඩාරගම පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත

 



අදහස් (4)

ඩීසල් කියා වතුර විකුණු දෙදෙනා මාට්ටු

Demuni Uduwara Friday, 17 June 2022 05:45 AM

මේ තරුණයින් දෙන්නා කරලා තියෙන්නේ ආදර්ශමත් ක්‍රියාවක්නේ..

:       0       0

Gagana Friday, 17 June 2022 10:21 AM

මුදා හරින්නේපා. මොවුන්ගේ වෘෂණ වලට දඬුවම් කරන්න

:       0       3

kamalFriday, 17 June 2022 03:09 PM

අනේ මන්දා. සැර වැඩි නැද්ද..?

:       0       1

BT Friday, 17 June 2022 10:25 AM

තරුණයන් දෙදෙනා මෙන් අනෙක් පුරවැසියන් ද සිහි බුද්ධියෙන් සහ සමාජ හිතෙෙශී අන්දමින් ක්‍රියා කරන්නේනම්, මෙම රටේ අනාගතය සුබදායී කර ගත හැක. තරුණයන් දෙදෙනාටත්, පොලිස් නිලධාරින්ටත් ප්‍රණාමය!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site