IMG-LOGO

ඩොලර් ප්‍රශ්නයෙන් බීජ ආනයනයටත් බාධා

 

(සුජිත් හේවාජුලිගේ)

විවිධ වගාවන් සඳහා බීජ වර්ග ආනයනය කරන සමාගම්වලටද ඩොලර් ප්‍රශ්නය නිසා යම් යම් බාධා මතුව ඇතැයි ආනයන සමාගම් පවසයි.

මේ සම්බන්ධයෙන් අප කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ ඩොලර් ප්‍රශ්න ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස බීජ වර්ග ආනයනය කරන සමාගම්වලට දැනටමත් දැනුම්දී ඇති බවයි.

එලෙස දැනුම් දුන් පසු මහාභාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඩොලර් සපයාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

බීජ වර්ග ආනයනය සඳහා පවතින තත්වය යටතේ මහ භාණ්ඩාගාරය විශේෂ ප්‍රමුඛත්වයක් ලබා දෙන බව පැවසූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරි යල කන්නයේ වගාව සඳහා බීජ වර්ග ප්‍රමාණවත් පරිදි ලබා ගැනීම අපේක්ෂාව බවද පැවසූවේය.

 



අදහස් (6)

ඩොලර් ප්‍රශ්නයෙන් බීජ ආනයනයටත් බාධා

යෝගා Sunday, 13 February 2022 01:48 PM

විදේශීය බීජත් පොහොර මාෆියාවේම කොටසක් බව මතක තබාගන්න...

:       18       8

BamunuarachchiSunday, 13 February 2022 06:42 PM

මොන ආණ්ඩුවද ඔය මාෆියාව පටන් ගත්තේ කියලත් කියන්නකෝ...! අනාගතයේ තව මාෆියා එනවා. යන්ත්‍ර සුත්‍ර, වාහන අලුත් වැඩියාව, අමතර කොටස් නිපදවීම ඒ යන්ත්‍ර සුත්‍ර, වාහන නිපද වූ කොම්පැනි වලට පමණයි කියන නීතියක් ඒ සමාගම්වලින් ඉල්ලනවා. එහෙම දෙයක් දැන් කැනඩාවේ සිද්ද වෙනවා. මම දන්නා විදිහට ඒ ඉල්ලීම කලේ මැසී ෆර්ගුෂන් කොම්පැනිය.

:       3       3

Bamunuarachchi Sunday, 13 February 2022 02:06 PM

ඩොලර් ප්‍රශ්නය ඒකට බාධා... මේකට බාධා නොවෙයි. ඩොලර් වලින් යැපෙන හැමදේකටම බාධා. ඒක අපි දන්නවා.

:       3       18

fairoosMonday, 14 February 2022 12:34 PM

බමුණාට මොලේ පෑදිලා... ඩොලර් නැතේ සර්ගේ වැඩබැරි ආණ්ඩුව හින්දා...

:       0       1

සුරලොව ඇල්මන්ගේ Sunday, 13 February 2022 04:53 PM

ඩොලර් අවශ්‍ය නැතිවෙන්න බීජ නිෂ්පාදනය කරන්න බැරිද මහත්තයෝ? හැම එකටම ඩොලර් ඩොලර් නැතිවුණොත් රටත් නැතිවේවි නේද? ඒකට පිළියමක් කරන්න උත්සාහයක් ගන්න..

:       0       6

ගජමිතුරු Sunday, 13 February 2022 07:52 PM

හැම බීජයක්ම රටින් ගේනවා නම් කෘෂිකර්ම අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව ජනතා මුදලින් නඩත්තු කරන්නේ කුමටද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 755 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site