IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකු ඇතුළු 12කට තුවාල

යේමනයේ හූති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

සෞදි අරාබිය සහ යේමනය අතර දේශසීමාවේ සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී තිබේ.

සෞදි අරාබිය මූලිකත්වයෙන් ක්‍රියාත්මක ඒකාබද්ධ හමුදා යේමනයේ ක්‍රියාත්මක හූති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදියි.

සෞදි අරාබියේ ගුවන් ආරක්ෂක පද්ධති මඟින් මෙම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමටත් ඩ්‍රෝන යානය විනාශ කිරීමටත් සෞදි අරාබියානු ආරක්ෂක අංශ සමත් වූ බව එක්බරියා පුවත් සේවය වාර්තා කර තිබිණි.

එම පුවත් සේවයට බෝම්බයේ කැබැලි වැදීමෙන් විවිධ ජාතීන්වල සංචාරකයන් සහ කම්කරුවන් එලෙස තුවාල ලබා ඇත.

ඩ්‍රෝන යානයේ කැබලි අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දෙසට වැටී ඇත.

ප්‍රහාරය ව්‍යර්ථ කිරීමෙන් පසු සම්මත ආරක්ෂිත ක්‍රමවේද අනුව ගුවන් ගමන් ආරම්භ කළ බව ද එක්බරියා පුවත් සේවය වාර්තා කර තිබිණි.

බෝම්බයේ කැබලි වැදීමෙන් සෞදි ජාතිකයන් දෙදෙනකු, ශ්‍රී ලංකා, බංග්ලාදේශ, නේපාල, ඉන්දීය සහ පිලිපීන ජාතිකයකු බැගින් තුවාල ලබා ඇත.

අල්ජසීරා

 



අදහස් (0)

ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකු ඇතුළු 12කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site