IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඩ්‍රෝන කැමරාවලින් බලා 15 ක් අත්අඩංගුවට ගනී

 

කොළඹ දිස්ත්‍රික්කයේ අගුලු දමා ඇති ප්‍රදේශ ඩ්‍රෝන කැමරාවලින් නිරීක්ෂණය කිරීමෙන් අනතරුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෝදර ප්‍රදේශයේ පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 

ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

 

 



අදහස් (16)

ඩ්‍රෝන කැමරාවලින් බලා 15 ක් අත්අඩංගුවට ගනී

සමිත සේනක අලුත්ගමගේ. Friday, 13 November 2020 03:05 AM

වෙලාවේ හැටියට නම් හොඳ වැඩ පිළිවෙලක්... ඒත්,මේවා නැතිව මේ කට්ටියම ගියවර කොවිඩ් රැල්ල ඉතාමත් සාර්ථක ලෙස මෙල්ල කළා. ලෝකයේ පවා අවධානය යොමු වුණා. වයිරසය සමාජයෙන් තුරන් වුණා. ඒත්, මේ බ්‍රැන්ඩික්ස් වැඩේ ඒ වටිනා තත්ත්වය නැතිකර දැම්මා. එය සැඟවීමට මොන උපක්‍රම දම්මත්, සත්‍ය හංගනු බොරු... මාස්ක් එකක් නොදාන මිනිසුන්ට දෙන දඬුවම වත්, බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය කළ අයට නැහැ. ඒ ගැන කිසිම කතාවක්ද නැහැ. අපට හිතෙන හැටියට මේ අය උතුරේ යුද්ධය කරපු ආකාරයට හමුදාව යොදාගෙන කොවිඩ් යුද්ධය කරන්නේ කියා. මේ දෙක පටලවා ගතයුතු නැහැ. ශවේන්ද්‍ර මහතා ඇතුළු හමුදාවන්ට උතුරේ යුද්ධයට උපදෙස් දෙන්න වෛද්‍ය අංශ වලට බැහැ. ඒ වගේම කොවිඩ් ගැන වෛද්‍ය අංශ වෙත උපදෙස් දෙන්න හමුදා අංශ වලටත් බැහැ. මේ සත්‍ය තේරුම් නොගත් නිසා රටේ ජනතාව විඳින්නේ අපා දුකක්.

:       6       47

නුවන් Friday, 13 November 2020 06:28 AM

කොරෝනා මර්දන බලකායේ නායකයා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාය. රජයට සහ ජනතාවට උපදෙස් දෙන්නේ ඒ අනුවයි.

:       2       2

Kasun WithanaFriday, 13 November 2020 09:33 AM

ඔබ හරි... මටත් තියෙන ගැටලුව ඇයි බ්‍රැන්ඩික්ස් එකේ අය‍ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ... ඒ අයගේ නොසැලකිල්ල නිසා තමයි මේ කොරෝනා රැල්ල ඇතිවුනේ... හරි නම් ඒ අය ඉන්න ඕනේ හිරේ. එ්ත් පුදුමය නම් කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ...

:       0       3

කුමාර Friday, 13 November 2020 04:41 AM

මේවට කියන්නෙ ෂෝ කියලා. සංචරණ නීති, ලොක්ඩවුන් තීති හෝ නිරෝධායන තීති උල්ලංඝණයකරන පිරිස් ඕන තරම් ඉන්නවා. බිමින්ම ගිහිල්ල ලේසියෙන්ම අල්ල ගන්න පුලුවන් ඒගොල්ලන්ව.

:       2       30

Jude Friday, 13 November 2020 05:00 AM

ඉතින් ඔකෙන්ම බලලා කන්න නැති අයට කන්න දෙන්නකෝ.

:       0       4

ලුම්බිණි Friday, 13 November 2020 05:26 AM

මේක අනවශ්‍ය වියදමක්. හෙලිකොප්ටර්, ඩ්‍රෝනවලින් මීට වඩා වැදගත් දෙයක් සිදුවිය යුතුයි. මෙච්චර වියදම් කරලා අල්ලන මිනිස්සු අපරාධකාරයින් නොවෙයි.

:       0       0

pradeepa Friday, 13 November 2020 05:29 AM

ගහෙන් වැටුණු මිනිහා ගොනා ඇන්නා වගේ වැඩක් වෙන්නේ... ඔයිවට දඩ ගහන්න එපා .... අහිංසක මිනිස්සු එදාවෙල කන්නවත් නැතුව ඉන්නේ. කෝමෙ ආණ්ඩුවෙ ඉන්න වාමාංශික හොර නඩයට මෙවා පෙනෙන්නේ නැද්ද?

:       0       0

banda Friday, 13 November 2020 07:40 AM

හැම එකටම හමුදාවයි, පොලිසියයි දැගෙන රටම අනාගෙන තියෙන්නේ..

:       0       3

රට වැසියා Friday, 13 November 2020 08:08 AM

රට පත්ව ඇති තත්වය අතිශයින්ම කණගාටුදායකයි! - රටේ පාලකයින් හා රාජ්‍ය නිලධාරින්ට කිසියම් බුද්ධියක් සහ පරිණත බවක්, දැනුමක් තිබුණා නම් මේ ආකාරයට ලෝකයේ ඉදිරියේ සමච්චලයට රට පත්වන්නේ නැත. වඳුරා කණ්නාඩිය අහු වුනා සේ නව තාක්ෂණය මෙවැනි ලෝක විහිලු සඳහා යොදා ගැනීම කණගාටුදායකයි! මිනිසුන් අත්අඩංගුවට ගෙන කොරෝනා වැනි වසංගතයක් පාලනය කල නොහැක. රට වැසියන්ට මෙන්ම පාලකයින්ට ද ප්‍රඥාව පහළ වේවා!

:       0       2

de silva Friday, 13 November 2020 09:10 AM

උසස් පොලිස් නිලධාරියෝ හෙලිකොප්ටර්වලින් ගිහින් ඇඳිරිනීති කඩකරන්නන් සොයන කොට පැයකට රුපියල් 200000 -300000 පමණ වියදමක් දරන්න රටේ බදු ගෙවන ජනතාවට සිදුවෙනවා. මෙම මුදල් අපේ රෝහල් පද්ධතියට වියදම් කරන්න.

:       0       3

Sanath Friday, 13 November 2020 11:06 AM

උඩින් ගිහින් බලලාම මේ කන්න බොන්න නැතිව ඉන්න අතේ සතේ නැතිව ඉන්න අසරණ මිනිස්සුන්ව අඳුනාගන්න බැරිද දන්නේ නැහැ.

:       0       3

Nihal Friday, 13 November 2020 12:18 PM

සීගිරිය පැත්තේ හොටෙල්වල නම් කොළඹ අය ඕනෑතරම් ඉන්නවා. එයාලා අල්ලන්න ඩ්‍රෝන් තියා වයිමා ආවත් බෑ. හේතුව දන්නවනේ...

:       0       4

අතුල Friday, 13 November 2020 12:44 PM

හොඳ වැඩක්. ඒ වගේම දවසකට රුපියල් මිලියන ලක්ෂගණන් වලින් විනෝදය සඳහා වියදම් කරන්න පුලුවන් ජාවාරම්කාර මිනිස්සු අතරේ එදිනෙදා වේල හොයාගෙන කන මිනිස්සු ලක්ෂ ගණනක් අපේ රටේ ඉන්නවා. ඒ මිනිසුන්ගෙන් "ලිපේ ගිනි නොදැල්වෙන" ගෙවල් ඩ්‍රෝන මගින් සොයලා ඔවුන්ගේ කුසගින්න නිවාගන්න සුළුවෙන් හරි උදව්වක් කරන්න පුලුවන් නම්. අනිත් ෂෝ නවත්වන්න.

:       0       2

thilak Friday, 13 November 2020 12:49 PM

ඔය ඩ්‍රෝන කැමරාවලින්ම අගුලු දමා ඇති ප්‍රදේශවල මිනිසුන්ට කන්නට අාහාර වේලක් බෙදා දෙනවද කියලත් හොයලා බලන්නට බැරිද?

:       0       2

gamage Friday, 13 November 2020 04:43 PM

ඩ්‍රෝන කැමරාවලින් බලලා කී දෙනෙකුට උදව් කරාද?

:       0       2

wije Saturday, 14 November 2020 04:52 PM

ඇඳිරි නීතිය දාලා, ලොක් ඩවුන් කරලා සංචරණය සීමා කරලා කෝවිඩ් පාලනය කරන එක හොඳයි. ත්‍රස්තවාදී පාලන කලාපයක් තුළ වගේ අසරණ දුප්පත් මින්ස්සු කන්නේ බොන්නේ කොහොමද කියලා හොයලා බලන්නේ නැතිව ආණ්ඩුවක් කටයුතු කිරීම කණගාටුදායකයි. ඔය ඩ්‍රෝන දාලා අල්ලන්නේ කන්න දෙයක් හොයාගෙන එළියට යන දුප්පත් මිනිස්සු... මිනිස්සුන්ට අඩුපාඩු නැතිව කන්න බොන්න තිබෙනවා නම් ඔහොම ඩ්‍රෝනවලට කොටුවෙන්න එන්නේ නෑ. පොහොසත් බලපුලුවන්කාර මිනිස්සුන්ට ඔය නීති නෑ.. පොලිසිය බලපත්‍රය ගෙදරටම ගිහින් දෙයි.. සැලියුට් ගහලා පාර ඉඩදෙන්නේ.. ලෝකයේ තිබෙන උපරිම තාක්‍ෂණික ක්‍රමවේද යොදා ගන්නේ අහිංසක දුප්පත් ජනතාවට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න මිසක් ප්‍රභූන්ගේ අනුග්‍රහය ඇතිව කරන කැළෑ විනාශය ඇතුලු කිසිම ජාවාරමක් නීතිය හමුවට ගෙනත් දඬුවම් කරන්නේ නැත​.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site