
(ඩයනා උදයංගනී)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා මෙරට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු වෙත ලිපියක් යොමු කර ඇත.
‘එස්.එල් දේශය’ යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් සමාජ ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ මහතා ඇතුළු පිරිසක් මෙම ලිපිය යොමු කර ඇති අතර, ඔවුහු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත අද (28) ගොස් එම ලිපිය භාරදුන්හ.
ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස ඉල්ලා අධිකරණයෙහි නඩුවක් පවරා ඇති ඕෂල හේරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත මෙරටට පැමිණ, ව්‍යාජ හැඳුනුම්පත් සහ ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස පෙනී සිටිමින් රජයේ තනතුරු දැරීම සහ මැතිවරණවලට පෙනී සිටීම මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද පටහැනි බැවින් ඇය ගැන පරීක්‍ෂණයක් පවත්වන ලෙස තම ලිපිය මගින් චාල්ස් රජතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව සමාජ ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ මහතා පැවසීය.
වීසා කාලය අවසන්ව ඇති ඩයනා ගමගේ මහත්මිය මේ වන විට මෙරට රැඳී සිටින්නේ ද නීති විරෝධීව බව ඔහු සඳහන් කළේය.
COMMENTS
අනේ, මේ ඒ මනුස්සයාට පාඩුවේ ඉන්න දෙනවද? තාම කී කාලයක්ද ගෙවුණේ..?
වැඩ වරදින්න වගේ යන්නේ...!
ඩයනෝ, එන පොට හොඳ නෑ, චාර්ල්ස් අයියාව කැමැති කරවා ගන්න වෙනවා දැම්මම...
චාර්ල්ස් - ඩයනා පාර්ට් 02 වෙයිද?
අපේ ජනාධිපතිතුමාට ඉහළින් චාර්ල්ස් උන්නැහේ යන්නේ නැහැ. බයයි..! අන්තිමේදී ‘‘ඩයිනමෝ‘‘ එක නිදොස්කොට නිදහස්... වන්දියකුත් ගනීවි...!!!
කෙළින් ඉන්න පණ නැතිව කොහොමද ඩයනා ගැන හොයන්නේ?
එක ඩයනෙක් හිටපු චාලියට තව ඩයනෙක් වැඩි නෑ. ලංකාව හරි වෙනස් රටක්..., රෙද්දක් ඇඳන් ඔළුවෙන් හිටගත්තු ඩයල් තමයි ලංකාවේ වැඩිහරියක් ඉන්නේ...
මේවට හිනා යන්නේ පිටිපස්සෙන්...!
චාල්ස් රජතුමා හරිම ආස දෙයක් තමයි ‘‘ඩයනා‘‘ කියන නම. අහලා බලන්න බොරු නම්...!
දන්නා තරමින් මේ සම්බන්ධව එංගලන්ත රජයට ගතහැකි ක්‍රියා මාර්ගයක් නැහැ. මොකද ඇය එංගලන්ත රජයට කිසිඳු වරදක් කර නැහැ. ලංකා රජයෙන් තමයි ඇයව අත්අඩංගුවට අරන් නඩු අහන්න ඕනේ... ඉන් අනතුරුවයි රටින් පිටුවහල් කළ යුත්තේ...
ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට වැඩිය අපට චාල්ස් රජතුමා ගැන විශ්වාසය තබන්න පුළුවන් ඉල්ලීම නරක නෑ. ලංකාවෙන් ගැලවිලා ගියත් ඩයනාට විරුද්ධව එංගලන්තෙ සිටින පුද්ගලයෙක් නඩු දැම්මොත් ඩයනාට හිරේ යන්න වෙනවා...
මෙවැනි හොර වැඩ එංගලන්තයේ අනුමත නොකරන බව මට විශ්වාශය
ඔන්න ඩයනා වාසියක් වෙන්නයි යන්නේ. පරණ පිනක් මගේ බෙල්ල කඩාගෙන වැටුණා...
දැන් චාල්ස් රජු අයගේ ඔක්කොම වැඩ නවත්තලා මේක ගැන හොයයි.