
(මනෝප්‍රිය ගුණසේකර)
නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි නඩුව ජනවාරී මස 09 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (04) තීරණය කළේය.
මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරමෙන් පසු නඩුව විභාග කිරීම සඳහා මෙලෙස දින නියම කළ විනිසරුවරයා පැමිණිල්ලේ සාක්කකරුවන්ට එදිනඅධිකරණයේ පෙනී සිටීමට නියයම කරමින් සිතාසි නිකුත් කළේය.
2004 ඔක්තෝම්බර් 09 වැනිදාත් 2004 දෙසැම්බර් පළමුවැනිදාත් කාලය තුළ ශ්‍රීලාංකීය පුරවැසියකු නොවන බව දැන දැනම හා සිය නාමය ඩයනා ගමගේ ලෙස නීත්‍යානූකූලව සශෝධන කර නොතිබියදී ඩයනා ගමගේ ලෙස ජාතික හැඳුන්ම්පතක් ලබා ගැනීමට කූඨ ලේඛන ඉදිරිපත් කර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු නිළධාරීන් රැවටීම සහ අංක 4685 දරණ උප්පැන්න සහතිකය කූඨ ලෙස සෑදීමට අනුබල දීම ඇතු`ථ චෝදනා යටතේ නීතීපතිවරයා විත්තිකාරියට එරෙහිව චෝදනා නඟා ඇත.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටියාය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව නඩු විභභාගයට දින නියම කර පැමිණිල්ලේ සාක්කිකරුවන්ටට සිතාසි නිකුත් කළ විනිසරුවරයා නඩු භාන්ඩ සරක්‍ෂිතව සේප්පුවේ තැබීමටද නියම කළේය.
නඩුව ජනවාරී මස 09 වැනිදා කැඳවීමට විනිසුරුවරයා නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ අමිතා ධර්මදාස මහත්මිය පෙනී සිටි අතර විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ඛේදයකි. වැලිකඩ රෝහලේ තව ඇඳන් කීයක් ඉතුරුවෙලා තියෙනවාද? එතැන සැප මදි කියලා සමහරු දැන් ජාතික රෝහලටත් මාරුවීම් හදාගන්න කාලයක්නේ මේ උදාවෙලා තියෙන්නේ. කවුරුවත් එහෙම කරගන්න ලේසි වෙයි කියලා හිතුවේ නම් නැහැ ඔන්න...!
මෙතරම් වැරැදි තිබියදී මෙයා රූපවාහිනී ගෙන්නලා නාවලා හේදුවේ මෙයාගෙන් රටට ආදර්ශයක් දෙන්නද?
නීති විරෝධී ලෙස සහ වංචා සහගත ලෙස ජනතාව සහ රජය නොමඟ යවමින් මහජන නියොජිතයෙකු ලෙස රජයේ මුදල් කොටිගණනක් වියදම් කර , ජනතා මුදල් අවභවිතා කර පාඩු කිරිම වෙනුවෙන් එම මුදල් නවත අයකර ගන්න ඔනෙ