(ගයාන් සූරිය ආරච්චි)
වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ සමග අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී රුපියල් ලක්ෂ දෙකකට විකුණූ තවත් ටී56 ගිනි අවියක්, මැගසීනයක්, උණ්ඩ 11 ක් සමග වෙළෙඳසල් හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
වැල්ලම්පිටිය පොලිසිය මගින් පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශන වලින් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් වැලිකන්ද ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ සමඟ සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකු අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 90 රැඳවුම් නියෝග මත සිදුකළ වැඩිදුර විමර්ශනවලදී රුපියල් ලක්ෂ දෙකක මුදලකට මෙම ගිනි අවිය සහ උණ්ඩ විකුණා ඇති බවට තොරතුරු අනාවරණය විය.
ඒ අනුව අත්අඩංගුවට ගත් ගිනි අවිය කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා යොදාගෙන ඇද්ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
329
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
207
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටි 56 ක් ලක්ෂ දෙකකට විකුණන්න ගිය වෙළදසැල් හිමි අල්ලයි