(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති අපරාධ නඩුව ජූරි සභිකයන් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විභාග කිරීමට නියමිත අතර එම නඩු විභාගයේ දෙවැනි දවසවූ ඊයේ (16) ජූරි සභිකයන් 7 දෙනෙකු නඩු විභාගය සඳහා තෝරා ගැනීමට අධිකරණය කටයුතු කර ඇත.
පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු එම ජූරි සභිකයන් සත්දෙනාට අයත් විය. අයර්ලන්තයේ සිට පැමිණ නිව් යෝර්ක් නගරයේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු පුද්ගලයෙකු 18 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවේ ප්‍රධානියා ලෙස පත් කර ඇත.ඒ අනුව ඉදිරිදින වලදී තවත් ජූරි සභිකයන් 11 ක් තෝරා පත් කර ගැනීමට නියමිතව තිබේ.
අපරාධ නඩුව ඊයේ(16) කැඳවූ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එක් ජූරි සභිකයෙකු අපහසුතාවයට පත්වන අයුරින් අධිකරණයේදී කටයුතු කර ඇති බවත් එය කිසිසේත් ඉවසිය නොහැකි බවත් මින් ඉදිරියට එසේ නොකරන ලෙසට අවවාද කරන බවත් පවසමින් විනිසුරු ජුවාන් මර්චන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා ඇත.
එසේම ජූරි සභිකයන් ලෙස පෙනී සිටීමට පැමිණ සිටි පුද්ගලයන් පස් දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව සමාජ මාධ්‍ය තුළ අපහාසාත්මක අයුරින් ප්‍රකාශ පළ කර තිබෙන බවත් ඒ හේතුවෙන් ඔවුන් පස්දෙනා ඉවත් කරන ලෙසත් ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විනිසුරුවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබිණි.
ජූරි සභිකයන් 18 දෙනෙකු තෝරා පත්කර ගැනීමෙන් පසුව ලබන සතියේදී නඩු විභාගය ආරම්භ කරමින් දෙපාර්ශ්වය ආරම්භක දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු විභාගයේදී චෝදනා 34 සඳහාම වරදකරු බව අධිකරණය තීරණය කළහොත් ඒ සඳහා ඔහුට වසර 10 කට වැඩි සිර දඬුවමක් නියම විය හැකි බවට නීති විශාරදයෝ මත පළ කළහ.එපමණක් නොව ඇමෙරිකානු ඉතිහාසය තුළ ජනාධිපති ධුරය දැරූ පුද්ගලයෙකු අපරාධ නඩුවක් සඳහා මුහුණ දෙන ප්‍රථම අවස්ථාවද මෙය වේ.
වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවන ස්ටෝර්මි ඩැනියෙල් සඳහා 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඩොලර් 130,000 මුදලක් ගෙවීම ඇතුළු එවකට සිදුවූ තවත් මුදල් ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් අසත්‍ය ව්‍යාපාරික වාර්තා ගොනු කිරීම සම්බන්ධයෙන් චෝදනා 34 යටතේ මෙම නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇත.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි.
කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් රිදී මංජුසාවක් සමග ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් මඩකලපුව ප්‍රදේශයේ දී පොලිස
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහා
ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි.
එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී අද( 30 )නිල වශයෙන් ඇරැඹිණි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ට්‍රම්ප්ට එරෙහි නඩුවේ දෙවැනි දිනට ජූරි සභිකයින් 7ක්
Prabha Wednesday, 17 April 2024 11:54 AM
ට්‍රම්ප් හිටියා නම් හැබැයි... මේ කාලකණ්ණි යුද්ධ නොවෙන්න එදා තිබුණා...