IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


මැයි රැලියට සියල්ල සූදානමින්

(අංජුල මහික වීරරත්න)

ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි.

ඉදිරියේ එන ජනාධිපතිවරණය ඇතුළු  මැතිවරණ සඳහා ජන බලය පෙන්වීමට මැයි දිනය ඉතා හොඳ අවස්ථාවක් වන හෙයින් එකිනෙකාට නොදෙවෙනි අයුරින් මැයි දින සැමරුම් පැවැත්වීමට දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටී.

රට පුරාම මැයි රැළි 40ක් පැවැත්වෙන අතර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මැයි රැලි 14ක් පමණ පැවැත්වෙයි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹ මාලිගාවත්ත පොලිසිය අසල මාර්ගයේදී පැවැත්වෙන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  නායකත්වය දරන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ චැතම් වීදියේ දී පැවැත්වේ.

ජාතික ජන බලවේගය මෙවර මැයි දින රැළි හතරක් පවත්වන අතර එහි නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කන්නන්ගර මාවතේදී ජාජබ කොළඹ මැයි රැලිය පැවැත්වේ. මාතර,අනුරාධපුර සහ යාපනයේදී ජාතික ජන බලවේගයේ සෙසු මැයි රැලි පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එක්සත් සමාජවාදී පක්ෂය ග්‍රෑන්ඩ්පාස් හිදී මැයි රැලිය පවත්වයි.

මෙවර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය පැවැත්වෙන්නේ කොළඹ හයිඩ් පිටියේදීය.ස්වාධීන ඒකාබද්ධ වෘත්තීය සමිති කොළඹ විහාර මහා දේවී උද්‍යානය ආශ්‍රිත භූමියේදී මැයි  රැලිය පවත්වයි.

මැයි දිනයට දින තුනකට පමණ කලින් සිට බොහෝ දේශපාලන පක්ෂ මාර්ග හරස් කොට දැවැන්ත වේදික ඉදිකරන අයුරු දැකගන්නට හැකි අතර ඇතැම් දේශපාලන පක්ෂ ලක්ෂයකට ආසන්න සෙනඟක් කොළඹට ගෙන්වන බවට නිවේදනය කර ඇත. 



අදහස් (1)

මැයි රැලියට සියල්ල සූදානමින්

Indika Tuesday, 30 April 2024 01:02 PM

එච්චරයි අඩු රටට

:       2       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපදාවෙන් බේරෙන්න විමසිලිමත් වෙන්න
2024 මැයි මස 21 18 0

පවතින අධික වැසි,සහ සුළං තතත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගංවතුර අවදානමක් මතුව ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල හදිසි අනතුරුද වාර්තා වේ.


ඩයනා ගමගේට ඇප
2024 මැයි මස 21 402 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.


විදුලිසැර වැදී ව්‍යාපාරිකයා මරුට
2024 මැයි මස 21 340 0

මුන්දලම - බරලන්කට්ටුව ප්‍රදේශයේ සිය සත්ත්ව ගොවිපලේ විදුලි අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව මුන


ඩයනා අධිකරණයට බාර වේ
2024 මැයි මස 21 1426 0

කොළඹ ප්‍රධාන මසේත්‍රාත්ත අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය.


වැස්සෙන් දුම්රිය ධාවනයටත් බාධා
2024 මැයි මස 21 270 0

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ _පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්


නානතොටුපොළේ දී බිරිය මැරූ සැමියා මාට්ටු
2024 මැයි මස 21 1097 0

ලුණුගල කුබුක්කන් ඔයේ සිය 12 හැවිරිදි පුතා සමඟ දියනෑමට ගොස් සිටියදී ගලකින් හිසට මුහුණට පහරදී බිරිද ඝාතනය කර පලාගොස් සිටි සැකකාර රියදුරු සැමියා අද (21) අලුය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 846 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2390 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2052 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site