ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට රාජ්‍ය ලේකම් ලෙස ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත් වී සිටින 53 හැවිරිදි මාර්කෝ රූබියෝ තෝරාගෙන ඇත. රූබියෝ, 2010 වසරේ සිට සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.
මාර්කෝ රූබියෝ ද ට්‍රම්ප්ගේ සමීපතම හිතවතෙකි. මෙම 2024 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ දෙවැනියා එනම් උප ජනාධිපති සගයා වීමට පැවැති තරගයට ද රූබියෝ ඉදිරිපත් විය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ දෙවැනියා එනම් උප ජනාධිපතිවරයා තේරී පත් වීමට සමත් වූයේ ජේ.ඩී. වෑන්ස්ය.
මාර්කෝ රූබියෝ, ලතින් සම්භවයක් ඇති අයකු බැවින්, ඔහුට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ධුරය හිමිවුවහොත් එම ධුරය හිමිවන පළමු ලතින් සම්භවයක් ඇති තැනැත්තා ඔහු වනු ඇත.
ට්‍රම්ප් රජයේ ඉහළ තනතුරුවලට පත් කරන සියලු දෙනාට කොංග්‍රසයේ අනුමැතිය හිමිවිය යුතුය. ඔවුන්ට එම ධුර හිමිවන්නේ ඒ අනුවය. පසුගිය නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණයෙන් පසු, ඇමෙරිකා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලයත්, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බලයත් ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය. එහෙයින්, ට්‍රම්ප්ගේ තීන්දු තීරණවලට කිසිදු විරෝධයක් එල්ල වනනේ නැත.
(ඒ.එෆ්.පී.)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ