
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස, ඔහුගේ සමීපතම හිතවතියක ද වන තුල්සි ගැබාඩ් නම් කර ඇත.
ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකාවක වීමට පෙර, 43 හැවිරිදි තුල්සි ගැබාඩ්, ඩිමොක්‍රටික් සාමාජිකාවක වී සිටියාය. ඇය ට්‍රම්ප් සමඟ අත්වැල් බැඳ ගත්තේ මෙම 2024 ජනාධිපතිවරණය සඳහාය.
යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාව යුක්රේනයට සහාය පළ කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම විරෝධය දැක්වූ ඇමෙරිකන් කොංග්‍රස් මන්ත්‍රී මණ්ඩල සාමාජිකාවක ලෙස තුල්සි ප්‍රසිද්ධියට පත් වී සිටී. තුල්සි ගැබාඩ්, ඇමෙරිකන් හමුදාවට අයත් අතිරේක හමුදා බලඇණි සාමාජිකාවක ලෙස ද සේවය කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.