
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශුද්ධෝත්තම ලියෝ පාප්තුමන් දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත. ඒ, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.
ට්‍රම්ප් සහ ලියෝ පාප්තුමන් අතරේ මත ගැටුම් පවතින්නේ ඇමෙරිකා ඉරාන යුද්ධය සම්බන්ධයෙන් පාප්තුමන් ට්‍රම්ප් විවේචනය කිරීම හේතුවෙනි. ඊට අමතරව, ඇමෙරිකාවේ සංක්‍රමණිකයන්ට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය ගෙන යන දැඩි පිළිවෙත් ද පාප්තුමාගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.
ටෲත් සෝෂලන් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ට්‍රම්ප් පවසා ඇත්තේ ලියෝ පාප්තුමා අපරාධ මර්දනය සම්බන්ධයෙන් දුර්වල අයතු බවත්, ඔහුට විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසිදු දැනුමත් නොමැති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ආගම කන පිස්සෝ දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් ඇමරිකාවේ, එක්කෙනෙක් ශ්‍රී ලංකාවේ. දෙන්නාම දේශපාලනය කරනවා.
ශුද්ධවූ පාප් වහන්සේ කියන්නේ " අපරාධ මර්දනය කරන පොලිසියේ රාලහාමි කෙනෙක් " නොවන බව මේ පිස්සාට වැටහෙන්නේ නැහැ. පාප් වහන්සේට විදේශ ප්‍රතිපත්තියක් මොකටද ? මුළු ලෝකයේම ජනතාවට එකහා සමානව ආශිර්වාද කරන උන්වහන්සේට විදෙස් ප්‍රතිපත්තියක් නැතිබවවත් තේරුම් ගන්න බැරි අඳ බාල මෝඩයෙක් කොහොමද ඇමෙරිකාවේ ජනාධිපතිවුනේ ? කටට එන ඕන බොරුවක් එහෙම පිටින්ම එලියට දමන" පිස්සු ට්‍රම්ප් " දැන් කරන කියන කිසිම දෙයක් " අර්ථයක් නොමැති " දේවල් බවට පත්වෙලා. උමතුවෙන් මුළු ලෝකෙම ගිනිතියනවා. මුළු ලෝකෙම මිනිස්සු ඔහුට හිනාවෙනබවවත් ඔහුට කියන්න ඔහුගේ උපදේශකයින් ක්‍රියානොකරන්නේ ඇයි ? කියන ප්රශ්නය ඇමෙරිකාවේම ජනතාව ප්‍රශ්නකරනවා.