IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ජෝ බයිඩන් පළමුවරට ඊශ්‍රායලයට අනතුරු අඟවයි

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී, කොන්දේසි විරහිතව, ඊශ්‍රායලයට සහාය පළ කිරීමට ඉදිරිපත් වී සිටින බයිඩන්, ඊශ්‍රායලයට සෘජුව අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙයයි.

අනතුරු අඟවමින්ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ගාසා තීරයේ, රෆා නගරයට, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඇමෙරිකාව ඊශ්‍රායලයට ආයුධ සැපයීම වහා නතර කරනබවය. මේ වනවිටත් ඊශ්‍රායලයට බෝම්බ සැපයීම තාවකාලිකව නතර කිරීමට ඇමෙරිකන් ජනාධිපති බයිඩන් තීරණය කර ඇත.

ඇමෙරිකන් ජනාපධිතිවරයාගේ මෙම තීරණය කනගාටුවට කරුණක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය පවසා ඇත. ඇමෙරිකන් ජනාපධිතිවරයාගේ අනතුරු ඇඟවීම් ගණනකට නොගෙන, ඊශ්‍රායල ගුවන් හමුදාව රෆා නගරයට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය පවසයි.ඊශ්‍රායල ප්‍රහාර හමුවේ රෆා නගරයේ රෝහල් අඩපණ වී ඇති බවත්, රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගැටලුවක් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඊශ්‍රායලයට ආයුධ ලබා සැපයීම නවත්වනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඞ් ට්‍රම්ප්, වත්මන් ජනාධිපති බයිඩන් විවේචනය කර ඇත. ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ, බයිඩන් හමාස්වරුන්ගේ පැත්ත ගෙන, ඊශ්‍රායලය අමාරුවේ දැමූ බවය.

මෙම නොවැම්බර් මාසයේ, ඇමෙරිකන් ජනාපධිතිවරණය පැවැත්වෙන අතර, බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ද ට්‍රම්ප් ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ද ඊට ඉදිරිපත් වෙයි. ඊශ්‍රායල හමාස් ගැටුම් ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන සාධකයක් වනු ඇත. 

මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාවේ හිතවතා වන්නේ යුදෙව් ඊශ්‍රායලයයි. ලොව එකම යුදෙව් රාජ්‍යය වන්නේ ද ඊශ්‍රායලයයි. පසුගිය ඔක්තෝබර් හත් වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායලය පෙරළා ගාසා තීරයට පහර දෙන්නේ, ‘රිසි පරිදි පහර දෙන්නැයි’ ඇමෙරිකන් ජනාධිපති ඊශ්‍රායලයට ලබා දුන් අවසරය නිසාය. ගාසා තීරයේ පලස්තීනුවන් 34,000 ක් මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගොස් ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන්ය.

රෆා යනු ගාසා තීරයේ ඊජිප්තුවට මායිම්ව පිහිටා ඇති නගරයයි.ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දෙද්දී, උතුරු දිග ගාසා තීරයේ සිටි පලස්තීන වැසියන් දකුණු දිග ගාසා තීරයේ රෆා නගරයට ගියේය. 

මේ වනවිට ගාසා වැසියන් මිලියන 1.3 ක්, සරණාගතයන් ලෙස ජීවත් වන්නේ රෆා නගරයේය. ඊශ්‍රායල හමුදා පහර දෙන්නේ, රෆා නගරයේ සිටින පලස්තීන ජනතාවට සිය නිවෙස් වලින් ඉවත් වන්නැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව දැනුම් දෙමිනි. මහා පරිමාණයෙන්, රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීමට සියලු කටයුතු සූදානම් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ජෝ බයිඩන් පළමුවරට ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Prabha Friday, 10 May 2024 02:14 PM

පව්, ඊශ්‍රායලයේ බයිඩන් ගොයියාව සත පහකට ගණන් ගන්නේ නෑ.

:       3       13

Asanga samantha Sunday, 12 May 2024 11:29 AM

මේ සේරම යාලුවෝ මල්ලී...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 805 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 467 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 397 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 657 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 312 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 166 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2381 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site