(රන්ජන් කටුගම්පොළ)
බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කරන ලදැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවරා ඇති නඩුව බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අභියාචනාධිකරණයේ ගොනුකොට ඇති පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා සිය විරෝධතාවය ප්‍රකාශ කළේය.
නීතිපතිවරයා මෙසේ විරෝධතාවය පළ කළේ ජෙරම් ප්‍රනාන්දු දේව ගැතිවරයා ගොනුකොට ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන් සමරකෝන් මහතා හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම රිට් පෙත්සමෙහි වගත්තකරුවන් වශයෙන් රහස් පොලිස් අධ්‍යක්ෂක, වැඩ බලන පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම අධිකරණ හමුවේ සලකා බැලූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති වූ එකඟත්වයක් අනුව පෙත්සම්කරු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
ඊට දැඩි විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා පෙත්සම ඉල්ලා ගැනීමට විරෝධතා පළ කිරීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.අධිකරණයෙන් ඊට අවසර ලැබිණි.
තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව බල රහිත කරන රිටි ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරම් ප්‍රනාන්දු දේව ගැතිවරයා විසින් මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජෙරම් ප්‍රනාන්දුගේ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට නිතීපති විරෝධය