IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ජීවන වියදම ඉහළ ගිහින්

(විමුක්ති එස් රුද්‍රිගු)


පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට 65684ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ජිවන වියදමේ සුළු වශයෙන් ඉහළ යාමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඔක්තෝබර් මාසයේදී පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම මුදලක් අවශ්‍ය වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන සාමාජිකයන් සිව් දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඔක්තෝබර් මාසයේදී රුපියල් 70,840 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එම දත්ත වාර්තාවේ සඳහන් වේ. එයද මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ජීවන වියදමේ සුළු වශයෙන් ඉහළ යාමක් බව එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

එසේම දෙවැනි ස්ථානයට පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම මුදලක් අවශ්‍ය වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත්වන සාමාජිකයන් සිවූ දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් 70,476 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ. එයද මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ජීවන වියදමේ සුළු වශයෙන් පහළ යාමකි.

පසුගියදා ඔක්තෝබර් මාසයේදී පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අඩුම මුදලක් අවශ්‍ය වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ බවත් එහි ජීවත් වන සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 62,894 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

 



අදහස් (2)

ජීවන වියදම ඉහළ ගිහින්

Rata Perata Thursday, 04 December 2025 05:19 PM

මේකෙ හෙඩින් එක ජීවන වියදම සුළු වශයෙන් ඉහළ ගිහින් කියලා නේද දාන්න ඕනේ...?

:       0       0

එඩ්වඩ් Thursday, 04 December 2025 05:51 PM

හෝදන්නන්ට සුළු වුණාට සාමාන්‍ය ජනයා වන අපට ලොකු බොරුකාර රැලක් පත් කරගත් අපටලා අපම ටොකු ඇනගමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 328 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 357 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site