
(සුජිත් හේවාජුලිගේ )
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අනතුරට හේතුවූ වන අලියා සෙවීමේ මෙහෙයුම නතර කළ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතා පැවසීය.
වන අලියා සොයා ගැනීමට වනජීවි නිලධාරීන් පුරා සති ගණනාවක් තිස්සේ දැඩි විමසිල්ලක පසුවුවද සොයා ගැනීමට නොහැකි වුණු බවද ඔහු සඳහන් කළේය.
තවදුරටත් ප්‍රායෝගිකව සොයා බැලීම දුෂ්කර වන හෙයින් එම කටයුතු නතර කළ බවද සූරියබණ්ඩාර මහතා පැවසුවේය.
එම අනතුරෙන් වන අලියාට ලොකු තුවාල ඇති නොවන්නට ඉඩ ඇති බවත් ඌ එම ප්‍රදේශයේ සිට හමු නොවූයේ ඒ නිසා බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
වන අලියා සොයා ගැනීමට අලින් ගමන් කරන මාර්ග සහ ඔවුන් ගැවසෙන ප්‍රදේශ වනජීවී නිලධාරීන් සිය ගණනක් පරීක්ෂා කළ බව සඳහන් කළ හෙතෙම වන අලියා ඈත වනාන්තර ප්‍රදේශයකට යනු හේන් දෙකක සිටි මිනිසුන් දැක ඇතැයි ඔවුන් දැනුම් දී ඇති බවත් සූරියබණ්ඩාර මහතා පැවසීය.
වනජීවි නිලධාරින් මෙම අලියා ගැන විස්තර සෙව්වේ එම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය කළ ඉල්ලීමක් අනුවය.
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු පිරිසක් රැගත් මෝටර් රියක් අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී වන අලියෙකුගේ හැපී අනතුරට ලක්වීමෙන් ඇන්තනි මහතා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මේ සිද්ධිය සිදුවූයේ පසුගිය ජුලි මස 3 වෙනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා දන්නවා වනජීවි එකට අහුවුනොත් වෙනදේ. ඒ නිසා ඌ ඔය පළාතේවත් ඉන්නෙ නෑ. දැක්කනේ අර දිවියට වෙච්චදේ.
ජැක්සන්ට ගහපු අලියා හොයන්න නෑ මොකද අලියෙක් වෙසින් ආපු බහිරවයෙක් ගැහැව්වේ. මොකද ජැක්සන් නිධන් වදුලු සොයාගෙන එම තැන් රාජපක්ෂලාට කිව්වා. උන් ඒවා හෑරුවා ඔය ඒවා වල ශාපය තමයි වැදුනේ.
ශහ්, සිද්ධිය ගැන නිවැරදි කට උත්තරයක් ගන්න තිබුනා අලියා හම්බ උනා නම්. දැන් ඉතින් මොනව කරන්නද.
ජැක්සන් කියන්නේ ලංකාවේ මාර පොරක් තමයි. රටට මෙච්චර වෙලත් නන්දසේනට හා ආන්ඩුවට විරුද්ධව එක වචනයක්වත් කතා නොකරපු එකම රංගන ශිල්පියා. අනේ පවු අලියා.
ජැක්සන්ට සිහි කල්පනාව තියෙනව නම් තමන් කරපු දේවල මෙනෙහි කරන්න හොඳ අවස්ථාවක්. ඕක තමයි කියන්නෙ ස්වභාව ධර්මය නඩු අහනකොට ලෝයර්ස්ලා නැහැ කියලා. මගේ ඇස් දෙකට දැකපු, කන් දෙකට ඇසුණු බොහෝ දේ ගැන ජැක්සන් ගැන මට තිබුණේ කලකිරීමක්. කට තිබුණට මදියි. මොලේ තියෙන්නත් ඕන. මොන ආගමෙත් උගන්වන්නේ හොඳ දේ හොඳයි. නරක දේ නරකයි කියල තමයි. නමුත් මගේ පෙර පිං පව් ගැන මට මොකවත් කියන්න බැහැ. කොහොම වුනත් මතක තියා ගනිල්ලා මිනිස්සුන්ගේ දේ සූරාකැපූ දේශපාලකයෝ හෝ වේවා රටේ නිලධාරීන්ට හෝ වේවා කවදම හරි මේ ටිකම වෙන බව.
ඔබ වැනි දක්ෂ කලාරුවෙකුට මම ඉක්මන් සුවය පතනවා.
විමලේ වතාවක් කිව්වා වගේ නන්නත්තාර වෙච්චි අලියා කොහේ හරි පන්සලකට යන්ඩ ඇති.
සුද්ධෝදන රජ්ජුරුවන්ගේ එහෙම නැත්නම් සිදුහැහැ කුමාරයාගේ (සාක්‍ය)වංසයෙන් රාජපක්ෂලා පැවතගෙන එනවා කියපු හරකෙක්නේ