IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජාතික සඳුන් උයන හෙට විවෘත කරයි

(ඩයනා උදයංගනී)

බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදි කෙරුණු “ජාතික සඳුන් උයන” විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) පස්වරු 6.00 ට සිදුකෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට හරිත කළාපයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම සඳුන් උයන නිර්මාණය කර තිබේ.

කොවිඩ් - 19 වසංගත තත්වය මධ්‍යයේ 2020 වර්ෂයේ ජූලි මස 20 වන දින මෙහි ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව ආරම්භ කෙරුණු අතර නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 09 ක් වූ ඉතා ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් ඉඩමක මෙය ඉදි ව ඇත.

අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වූ ජාතික සඳුන් උයන ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 29කට අධිකය.

නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් මත, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහි ඉදිකිරීම් සිදුකර තිබේ.

ජාතික සඳුන් උයන ශ්‍රී ලංකාවේ අති දුර්ලභ වටිනා රත් හදුන් ශාඛ 300 කින් සහ සුදු හදුන් ශාඛ 900 කින් සමන්විත වන අතර ඒවා වඩාත් ආරක්ෂාවීම සඳහා පොළව මට්ටමේ සිට අඩි දෙකක් පමණ උස පස් පීඨිකාවක සිටුවා තිබීම විශේෂත්වයකි.

ජාතික සඳුන් උයනට පිසිවෙන ස්ථානයේ ජල ලීටර් ලක්ෂ දෙකකින් සමන්විතවිශාල ජල පොකුණු දෙකක් ඉදිකර ඇති අතර ඒ මැදින් තැනූ උස් වේදිකාවක ප්‍රවේශ මාර්ගය පිහිටා තිබේ. එම මග දෙපස මදක් ඉහළ බිත්ති අටක් බැද ඇති අතර ඒ බිත්ති මතින් නිරන්තරයෙන් ඇද හැලෙන ජල ධාරා දිය ඇල්ලක සිරිය මවයි. වර්ණවත් වන්නේ මල් ගොමු, ස්වයංක්‍රීය වතුර මල්, කුඩා පොකුණු 12, එළිමහන් රංග පීඨය ආදී අංග රැසකින් මෙය සමන්විත අතර ව්‍යායාම කිරීම, භාවනා හා යෝග වැඩසටහන් පැවැත්වීම, විවේකිව කාලය ගතකිරීම ආදියට සුදුසු පරිසරයක් මෙහි පවතී.

වාහන 60 ක් නැවත්වීමට හැකි විවෘත රථගාලක්, සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, පිරිසිදු ආහාර පාන ලබා ගැනීම සඳහා වන අවන්හල් ආදියෙන් ද මෙය සමන්විතය. රජ දවස රාජ්‍ය අනුග්‍රහය ලැබ උයන් ඉදිවූවාට පසු, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රාජ්‍ය අනුග්‍රහය ලැබ ඉඳිවූ ජාතික සඳුන් උයන මෙය බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.



අදහස් (12)

ජාතික සඳුන් උයන හෙට විවෘත කරයි

Narafa Monday, 19 July 2021 06:31 PM

හරි ලස්සනයි.

:       188       253

Deen Monday, 19 July 2021 06:52 PM

වනාන්තර සුද්ධ කරන ඒවා ගණන් එන්නේ නැතුව හරිත උයන් හදනවා. ඇස් බැන්දුම් වලට මෙයාලා කොහොමත් හපන්නුනේ...

:       1145       2228

Rishad Tuesday, 20 July 2021 12:49 AM

මේ වෙලාවේ රටට ඔනිම දෙයක්

:       0       0

Perera Tuesday, 20 July 2021 12:51 AM

පිටින් ඔපේ යටින් හපේ

:       0       0

[email protected] Tuesday, 20 July 2021 04:09 AM

අප්පගේ පුතාලා ලොකු වුණාම මේවා කපාගනිල්ලා...

:       0       0

ලුම්බිණි Tuesday, 20 July 2021 06:19 AM

හොඳ දෙයක්. ඒත් වැඩිපුර තියෙන්නේ චීන උයන් වල තිබෙන ලක්ෂණ.

:       0       0

kamal Tuesday, 20 July 2021 10:04 AM

අලුත් සුසාන භූමියකුත් අවශ්‍යයි.. වසංගතයෙන් මියයන අය ආදාහනයට...

:       0       0

බන්ඩාර Tuesday, 20 July 2021 10:35 AM

මේවා නරක වැඩ නොවේ. ඒත් ලංකාව වගේ රටවල නායකයන් තාම වන්නේ නෑ අවශ්‍යතාව.. එ් අයත් වර්ගෝපකරණය කරගෙන ඊට අනුව ක්‍රියාත්මක කරන්න. ඔයා කෝටි 29 න් සෝලාපවර් ව්‍යාපෘති එකකට යෙදෙවූවා නම් රටට ඩොලර් කීයක් ඉතුරු කරගන්න තිබුණාද?

:       0       12

දිමුත් Tuesday, 20 July 2021 11:27 AM

ගස් ටික පරිස්සම් කරගන්න වෙන්නෙත් ඔය එහා පැත්තේ ඉන්න අයගෙන්ම තමයි.

:       0       33

Prabha Tuesday, 20 July 2021 12:18 PM

රටේ මිනිස්සුන්ගේ මූලික අවස්ථාවන් තේරුම් ගන්න බැරිවීම ගැන කණගාටුයි.

:       0       24

ගමේ එකාලා Tuesday, 20 July 2021 03:51 PM

කොළඹට කිරි, ගමට කැකිරි කියන්නේ මේවාට තමයි. ගමකට හරි හමන් පාරක් නැහැ.. මොනතරම් අඩුපාඩුකම් තියෙනවයි කියලද? ඡන්දෙ හිඟාකන්න තමයි දේශපාලුවන්ට ගම මතක් වෙන්නේ...?

:       0       63

විජිත් Thursday, 29 July 2021 08:03 PM

මිත්‍යාදෘෂ්ටික මෝඩ, මිනීමරු පාලකයින්ගේ තවත් විජ්ජාවක්....!!! අනුරාධපුරයේ සිටින "කපුච්චියෙකුගේ" උපදෙස් අනුව මෙය හැදුවේ. පාර්ලිමේන්තුවට පෙනෙන මානයේ මෙය ඉදිකර ගස්වලට පුද සත්කාර කළයුතුයි' ලු. (ඔය සඳුන් ගස් මුල් ආසන්නයේ කපුච්චිය විසින් මතුරපු යන්තරයක් සහිත මුට්ටි වලලා තියෙනවලු) එවිට පාර්ලිමේන්තුවේ සිටින අය කරන අසමජ්ජාති වැඩවලට විරුද්ධව මහජනයා නැගිටින්නේ නැහැයිලු. බොරු බේගල් දෙසාබාමින් මේ මැදමුලනයින්ට මදි නොකියන්න මුදල් ගරනවා. ඒ අයත් එකී ඉල්ලන ඕනෑ දෙයක් දෙනවා. ඒවා ඔක්කොම මහජන මුදල්. රුසියාවේ රස්පුටින් සාර් රජ්ජුරුවන්ව රවටාගත් ලෙසම මේ කපුච්චියා විසින් මේ රටේ මෝඩ පාලකයින්ව රවටලා හොඳට ගරනවා. මට මතකයි කාලයකට ඉහතදී, අපේ රටේ මිත්‍යාදෘෂ්ටික පාලකයින් ඉන්දියාවේ තිරුපති දේවාලයට වඳින්න යනවා. ලැබුණු දෙයක් නැහැ. ඡන්දෙ පැරදිලා ගෙදර ගිහින් ජනේලයේ එල්ලිලා ..පිස්සු කළා අපිට මතකයි.

:       0       73

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31143 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13281 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site