(ටෝනි කරුණානායක)
වැලිවේරියේදී 2008 වර්ෂයේදී බොම්බයක් පුපුරුවා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද (01) අද නියෝග කළේය.
එලෙස නිදොස් කොට ඇත්තේ, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වන සෙල්වරාජා කිරුබාකරන් සහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂමන් කුරේ නැමැති සැකකරුවන් දෙදෙනාය.
2008 වර්ෂයේ අප්‍රේල් මස 6 වෙනිදා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනය කිරීම සහ 84 දෙනකු ඝාතනයට තැත්කිරීම, ඝාතනයට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 31ක් යටතේ හිටපු කොටි සාමාජිකයකු වන සෙල්වරාජා කිරුබාකරන් ගම්පහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජෙයරාජ් ඝාතනයේ සැක දෙකක් නිදොස් කොට නිදහස්
fairoos Thursday, 01 September 2022 01:46 PM
දෙමල ඩයස්පෝරාව දැන් ඩොල්ලර් එවයි හෝ ගාල.
කිරිපුතා Thursday, 01 September 2022 02:41 PM
අන්තිමට ප්‍රණාන්දු පුල්ලේ මහතා සිය දිවි නසාගෙන කියලා තමයි උප කල්පණය කරන්න වෙන්නෙ. 2008 වෙච්ච එක තාම කබල් ගානවා. අහෝ අපේ රට !!