
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජපානයේ පාලක පක්ෂය වන්නේ ලිබරල් පක්ෂයයි. ජපාන අග්‍රාමාත්‍ය ධුරයට හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. ලිබරල් පක්ෂය පසුගිය දා නව නායකයා ලෙස තෝරා ගත්තේ ඉෂිබාය. ෂිගුරු ඉෂිබා ජපානයේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයාය.
ඉෂිබාට පක්ෂයේ සහාය හිමිවුවත්, පාර්ලිමේන්තුවේ සහ ජනතා සහාය අවශ්‍ය වෙයි. ඒ අනුව, කඩිනමින් මහ මැතිවරණයකට යෑමට ඉෂිබා තීරණය කළේය. මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂිගුරු ඉෂිබා මැතිතුමාට අපේ උණුසුම් සුබ පැතුම්