
(රෝෂන් තුෂාර)
මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට රුපියල් ලක්ෂ 74 ක පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩුවක්කර දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (04) එම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව ජෝන්ස්ටන්ට ප්‍රනාන්දු මහතාට මීට පෙර දිනකදී අල්ලස් කොමිසම වෙත වාර්තා කරන ලෙස දැනුම් දී තිබි ඇති අතර ඒ මහතා විසින් දින ලබා ගැනීමෙන් පසුව අද (04)දින අල්ලස් කොමිසමේ හමුවේ පෙනී සිටියේය.
මෙම සම්බන්ධයෙන් එවකට අමාත්‍යාංශ ලේකම්වරයාද කොමිසම මගින් කැඳවා ඇති අතර ඒ මහතා අසනීප තත්වයේ පසුවන බැවින් පැමිණිමට අපහසු බවට කොමිසම වෙත දැනුම් දී ඇති බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් රජයෙ හැම ගනුදෙනුවකින්ම මාටිය ගහල, දැන් හොරගෙඩියො ආන්ඩුවට නිකන් බනින්නෙ නැතුව , තමුන් නිවැරදිකරු කියල ඔප්පු කරපන්
මාලිමා ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ ජොනි , ඔය නඩු දමලා තිබෙන්නේ ඔබ සමග එකට ඉන්න යාළුවන් සිටිය යහපාලන ආණ්ඩුව විසින් , වර්තමාන ආණ්ඩුව කරන්නේ අධිකරනෙට නිතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පොලිස් වාර්තා වැනි දේවල් කඩිනම් කරලා අධිකරණයට නඩුව ඉක්මන් කරන්න අවශ්‍ය පහසුකම් දෙන එක පමණි ,
රජයට පුටු වලින් ලක්ෂ 15 ක පොල්ලක් තිබ්බාට, මෙම විරිත්තන, ජොකර් ජොනියා සැප පුටුවක ඉඳගෙන ලක්ෂ කීයක් "පගා, සන්තෝෂම්, කොමිස්" වශයෙන් ගත්තාද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් වහන්සේලා සමග ජොනියා විතරයි ....
කෝ බං මේ තක්කඩින්ගේ අසුචි හෝදන බත්කන හරක් රංචුව?