IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ජොන්ස්ටන් නඩු තුනකින් නිදහස්

(නිමන්ති රණසිංහ )

අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ වර්තමාන මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු අල්ලස් නඩු තුනකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (28) නියෝග කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 126 වගන්තිය ප්‍රකාරව නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩු වලින් අදාල චූදිතයන් නිදහස් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.



අදහස් (21)

ජොන්ස්ටන් නඩු තුනකින් නිදහස්

duplicate Ralahami Friday, 28 January 2022 05:13 PM

මෙහෙමත් රටක්...දූෂණ, විමර්ශනයෙන් නඩු දානවා... ඒ අයම ඉල්ලා අස්කරගන්නවා.. ඔයදේම තමයි නීතිපති දෙපාර්තමේන්තුව කරන්නෙත්.. මහජන බදුවලින් යැපෙන්නන්ගේ නාටක...

:       1       4

Ruhunu Friday, 28 January 2022 05:14 PM

බඩුත් එක්ක මේ හොරු ඇල්ලුවත් උසාවියේත් මේ අය නිදහස් කරනවා. නීතිය පොතට විතරයි. කවුරුත් පගාවට යටවෙලා ඉන්නේ...

:       1       24

Piumy Friday, 28 January 2022 05:19 PM

ජොන්ස්ටන් කියන්නේ උගත්, හොඳ, වැරැදි නොකරන කෙනෙක්...

:       19       3

Prabha Friday, 28 January 2022 09:05 PM

උගත්? උගතුන්ට ලැජ්ජා කරන්න එපා...

:       0       1

සෑම් Friday, 28 January 2022 05:20 PM

මහ එකයි, ඔවුන්ගේ සනුහරෙයි.., මේ ඔක්කොමයි තව ටික දවසකින් රටින් පනිනවා. තව නඩු ටිකයි තියෙන්නේ නිදහස් කරගන්න. දැන් කළයුත්තේ මේ අය පනින රටවල් වලදී මොවුන්ව කොටු කරගන්න සංවිධානය වෙන එකයි.

:       1       19

Bamunuarachchi Friday, 28 January 2022 05:30 PM

ඒ කාලේ නඩු දැම්මා.. නඩුවලින් ඒ කාලේම මිනිස්සු නිදහස් වුණා. හැබැයි දැන් ඉස්සර පැමිණිලි කරුවන්ට දාන නඩුවලින් බේරෙන්න බැරිවෙයි.

:       6       10

Pradeep Kumara Friday, 28 January 2022 05:42 PM

නීතිය මකුළු දැලකි. පොඩි එකා එහි පැටලෙන අතර මහ එකා දැල කඩාගෙන යයි.

:       1       29

wahaldeepee Friday, 28 January 2022 07:10 PM

ඒ සෝල්බරියේ නීතිනේනේ.. කර්මයෙන් ගැලවෙන්න බෑ..

:       1       18

BamunuarachchiSaturday, 29 January 2022 09:54 AM

කර්මය කීවාම හොඳ විපාක දෙන කර්ම තිබෙනවා. නරක විපාක දෙන කර්ම තිබෙනවා. සෝල්බරි නීතිය නරක කර්මයක් නම් කුඩා දරුවන් වංගෙඩියේ දාලා කොටන වඩුග රාජ නීති හොඳයි කියාද ඔබ කියන්නේ..?

:       2       0

විපරමා Friday, 28 January 2022 07:18 PM

දේශපාලුවන්ට එක නීතියක්... ජනතාවට තව නීතියක්. ජොනීගේ දූෂිත වැඩ ගැන දන්නෝ හොඳාකාරවම දනිති...

:       1       22

BamunuarachchiSaturday, 29 January 2022 10:03 AM

ඉතින් ඔබ හොඳට දන්න දේ කියලා පෙත්සමක් ගහන්නකෝ. ඒක කරන්න අවුරුදු 5ම දීලා තිබුණේ... මොකද ඒ කාලේ කලේ? රන්ජන්ව හිරේ යැව්වේ සිවිල් පුරවැසියන් දෙදෙනෙකුගේ පෙත්සම් වලින්. ජෙප්පන්ගේ පල්හෑලි වලට නඩු දාන්නත් බැහැ.. දාලා නඩු දිනන්නත් බැහැ.

:       3       1

ravin Friday, 28 January 2022 07:22 PM

ඕක දැනගෙනනේ පහුගිය දවස්වල මෙයා ටිකක් වැඩිපුර උඩු බිරුවේ. පිටින් බලපුවාම අල්ලස් හා දූෂණ කොමිසමත් අල්ලස් වගේ පේන්නේ...

:       2       20

Shan Friday, 28 January 2022 07:43 PM

විරුවගේ ආණ්ඩුව කරන්නේ මිනීමරුවන් සහ හොරුන් නිදහස් කරන එක විතරයි. තවමත් බයියන් ඉතුරු වෙලා ඉන්නවා නම් ඔලුව අතගාලා බලන්න, දැන් ටිකක් එළියට ඇවිල්ලා ඇති..

:       2       23

Don perea Friday, 28 January 2022 08:03 PM

නියමයි සර් 69 පැතුම...

:       1       22

BamunuarachchiSaturday, 29 January 2022 09:57 AM

අපිටත් යහපාලක පැතුම ගැන කියන්න තිබෙන්නේත් ඔයටිකම තමයි. හැබැයි ඔවුන්ට නඩුවක් හරියට දා ගන්න බැරිවුණා...

:       3       0

Ranjit Friday, 28 January 2022 08:45 PM

එක රටක්... නීති ගොඩක්.., ජයවේවා...! ඔහොම යමු. තව ටික කාලයයිනේ...!

:       0       1

chandima Friday, 28 January 2022 09:47 PM

එතකොට එකඑක්කෙනා දාලා අල්ලස් ගත්තු, ඉඩකඩම් ගත්තු ඒවාගෙනුත් නිදහස් කරනවද?

:       0       1

Demuni Uduwara Saturday, 29 January 2022 04:42 AM

ගෝඨාභයට ස්තුතියි..!!!

:       0       1

ranjith Saturday, 29 January 2022 04:52 AM

සෞභාග්‍යය දැන් තමයි හොඳට පේන්නේ...!

:       0       2

චන්දිම Saturday, 29 January 2022 07:34 AM

සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හොරකම්, දූෂණ කරන්න හදපු තමාගේම රජයේ ඇමතිවරු සහ නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව නඩු පැවරුවාලු. හැබැයි ඒ කාටවත් මේ විදියට නීතියට කොකා පෙන්වලා යන්න පුළුවන් විදියට නෙමෙයි. දුෂිතයින් සියලු දෙනාටම එක පෙලට මරණ දඬුවම්... ඔන්න ඒකට ලංකාව. නඩු පවරන කෙනා නඩුව උසාවියේදී අහක යන විදියට වැඩේ කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ තනතුරු දරමින් පඩි ගත්තු ඔය නිලධාරින් කියන්නේ නිකම් බබ්බුද? බැලුවාම ඔක්කොම දූෂිතයි. ඔක්කෝටම කළින් ඔන්න ඔය පරදින විදියට නඩු කටයුතු කරපු නීති නිලධාරින් කවුද කියලා බලන්න ඕනෑ. නැත්නම් මේ රටේ ඔය සංදර්ශනය තමයි හැමදාම බලන්න වෙන්නේ...!

:       0       1

jagath Saturday, 29 January 2022 10:28 AM

සෞභාග්‍යයේ ආශ්චර්යය..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site