IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනශක්ති සභාපති ඝාතනය පිටුපස මුදල් ගණු දෙනුවක්?

(යොහාන් භාසුර)

ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නම් දැරූ හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු  සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම දෙපාර්තුමේන්තුව උසස් නිළධාරියෙක් පැවසීය.

මෙම පුද්ගලයා සහ දිනේෂ් ශාෆ්ටර් මහතා අතර රුපියල් කෝටි 138 ක ගණුදෙනුවක් සිදු වී ඇති බවත් එම මුදල නොගෙවීම සම්බන්ධයෙන් මෙම ඝාතනය ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය සොයන පුද්ගලයා මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් එම නිලධාරියා කීය.

මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බව බැලූ බැල්මට පෙනෙන බවත් ඒ මහතා බොරැල්ල කනත්ත තුළදී වාහනය දීම ඝාතනයට ලක්ව ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.

ශාෆ්ටර් මහතාගේ කාර් රථය කාසල් රෝහල දෙසින් ඇති පිවිසුමෙන් කනත්ත තුළට ඇතුල් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බවද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (6)

ජනශක්ති සභාපති ඝාතනය පිටුපස මුදල් ගණු දෙනුවක්?

මැක්ස් Friday, 16 December 2022 10:23 AM

පේනවා නේද සියලුම දේශපාලකයනට "හොරු" ලේබලය අලවා අපට උන් දිහා පමණක් බලන්නට සලස්වන අතරේ, අනෙක් උන්දලගේත් වැඩ කිඩ! මේක අනුන්ගේ මුදල් කඩා ගන්නන්ගේ, අනුන්ගේ මුදලින් ව්‍යාපාර කරනන්ගේ පාරාදීසයක්. අන්ත දූෂිතයන් විසින් "දූෂණ විරෝධී" පුවරු අල්ල ගෙන සිටිමින් "මන් සුදනා" සේ සුදු පිරුවට ඇද සිටින අමුතුම පුරයක්.

:       12       105

Mo Friday, 16 December 2022 10:50 AM

ඇයි ජනමාධ්‍ය මේ පුද්ගලයාගේ නම හෙළි නොකරන්නේ ඒ බ්‍රයන් තෝමස් නේද?

:       2       104

සෙනරත් Friday, 16 December 2022 03:46 PM

ඒක තමා....... ජනමාධ්‍ය නොවේ ඔක්කොම බල්ලො අපිට කුඩම්මගේ සැලකිලි.....කොලේ වහල තමා ඔක්කොම ගහන්නෙ....කාලකන්නි ම රටක්

:       2       28

nihal Friday, 16 December 2022 06:07 PM

ලසන්ත වික්‍රමතුංගගේ මරණයත් මෙවැනි ආකාරයකටම සිදුකළ ඝාතනයක්....

:       2       19

ranjith Friday, 16 December 2022 07:57 PM

මෙහෙමත් අයාලේ යන රටක්... මහාපරිමාණ හොරකම්, ඝාතන..? රටකට ගිය කලක්..

:       0       10

sampath Tuesday, 20 December 2022 08:44 PM

කිසිම කෙනෙක් එක්ක මොනම ආකාරයකවත් මුදල් ගනුදෙනු කුමන තරාතිරමක කෙනෙක්වත් නොකර සිටීම යහපත් ණය ගත්තොත් දෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site