IMG-LOGO

ජනපති බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා ජර්මනියේ “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුව රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් හෙට ( 28) සහ 29 දෙදින ජර්මනියේ බර්ලින් නුවරදී පැවැත්වේ.

මෙම සමුළුව සඳහා ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස්  (Olaf Scholz), බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ  (Alexander de Croo), කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් (Kassym-Jomart Tokayev), යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල්  (Charles Michel)  මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයින් සහභාගී වනු ඇත. එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

“බර්ලින් ග්ලෝබල්” සමුළුව යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝග වලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමකි.



අදහස් (6)

ජනපති බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

aravinda Monarawila Wednesday, 27 September 2023 03:55 PM

ඊට පෙර පිස්සෙක් ඔබ අමතයි කියලා නිවේදකයා හෝ නිවේදිකාව සමුළුවට දැනුම් දෙයි

:       1       1

Jayatissa Wednesday, 27 September 2023 03:56 PM

ලෝකේ වටේ ගිහින් බයිලා ගහනවා රටේ මන්ද පෝෂනය

:       1       1

wedage Wednesday, 27 September 2023 04:46 PM

විකුනන්න පුළුවන් මොනවද කියලා කියන්න

:       1       1

chandima Wednesday, 27 September 2023 06:22 PM

නියමයි නේ ?වයින් පාරක් ගහලා කට්ටියට අතට අත දීලා ෆොටෝ ටිකක් ගහගෙන එන්න පුළුවන් .මීළඟට යන සමුළුව තියෙන්නේ කොයි රටේද ?

:       0       1

Perera Wednesday, 27 September 2023 11:26 PM

ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න දන්නේ නැති එකා ආර්ථික ප්‍රතිපත්ති ගැන ලෝකෙට කියන්න ගිහින්

:       1       1

Bamunuarachchi Thursday, 28 September 2023 07:05 AM

අපේ ලොක්කා අනුර කුමාර ඔය සමුළු අමතන කොට තමයි හෙල්ලිලා තියෙන්නේ. කට උල් කරලා දේශනා දෙනකොට අම්මපා කොහොම හිටීද? මෑන් ජර්මන් වලින්ම දෙයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 95 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1021 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site