
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළාය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණු බව ජනාධිපති කාර්යාලය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩන් ඇන්ඩ් ඩස්ට් මැඩම්
ඇමෙරිකාව කියන්නේ අපි කැමති වුණත් නැතත් අපේ පස්සෙන් එන, රත්තරන් දිවක් තියෙන ගැට කිඹුලෙක්.
මේ ඇමෙරිකා තානාපතිනිය ලංකාවට එනකොට එතුමිය සිංහල දෙමළ දන්නේ නැහැ. දැන් ඇය භාෂා දෙකම ප්‍රගුණ කර ඇති අතර ඊට අමතරව කොරියානු ඇතුළු බොහෝ භාෂා සරල ලෙස හැසිරවීමේ හැකියාවද ඇය සතුය. ඇයට දැන් සිංහල දෙමළ සරලව කතා කිරීමට මෙන්ම ලිවීමටද හැකිය. විදේශ භාෂා ඉගෙනීමේ ඇගේ දක්ෂතාවය ඉතාම විශිෂටයි.
අරගලේ කාලේ මොන තරම් හිත මිතුරුකම් පෑ දෙපළක් ද මේ!
දැන් නැට්ටුවා රෙඩි මැඩම්. කැමැති පදයක් ගහන්න පුළුවන්...!
මේ එන්නේ ගජ මිතුරෝ... කොච්චර නම් උදව් කරන්න ඕනෑද එතනට එන්න?
ඔබ හරි... ඇමෙරිකාවටත් එපා වෙලා තිබුණේ... කළින් ආණ්ඩු 2 එක්ක ගණුදෙණු කරලා. ඒ නිසාම තමයි ඔවුනුත් ජනතාව සමග ඒකට හිටගත්තේ...
මේ අපේ රට වෙළඳ පොල ආර්ථිකයකින් දියුණු කරන්න ඉතාම හොඳ අවස්ථාවක්. ඒක පුද්ගල ආදායම වැඩිම රටවල් බොහෝමයක් ඉන්නේ අමෙරිකාව එක්කලා. වෙළඳපොල තියෙන්නේ එතැනයි. අපිව යුද්ධයකට තල්ලු කරලා ඉන්දියාව ඒ වෙළඳපලට රින්ගුවා. ඉන්දියනු මාධ්‍යවලට උණ ගැනිලා තියෙන්නේ ඒකයි. බුද්ධිමත්ව වියට්නාමය වගේ කටයුතු කළොත් අපි ගොඩ. චොප්පේ අයියා නැතුව හන්දියේ බාර් දාන්න අමාරුයි. ඒකයි ඇත්ත...
මැක්ස් එළිබැහැලා, අරගලයෙන් කෙටිකාලීන හරි ගියෙ රනිල්ට, අරගලයේදී ඉල්ලූ වෙනස දිය හැකි අනුර වසර පහකට නීත්‍යානුකූල බලයට ආවා. පරණ දේශපාලනය කළ සජිත් සදහටම දේශපාලනිකව පසු බැස්සා. විපක්ෂ නායකකමත් නැතිවෙන තරමට...
ඉනායතුල්ලා, වැදගත්, බුද්ධිමත් කාර්යශුර අය එහෙම තමයි, තානාපති සේවයට දාන්නේ ඒවගේ අය, මෙහෙ වගේ මහලු මඩම් කාරයොත්, ඇමැති මැති හතරවරිගේ අයත් නෙවෙයි. ගිය වැඩේ හරියට කරන අයයි... යැවිය යුත්තේ...
අනුර, රනිල් දෙන්නා තමයි ...