IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති ජුලී චන්ග් හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි  එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළාය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණු බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (11)

ජනපති ජුලී චන්ග් හමු වෙයි

Aruna Tuesday, 01 October 2024 11:48 AM

ඩන් ඇන්ඩ් ඩස්ට් මැඩම්

:       5       26

sukitha Tuesday, 01 October 2024 12:06 PM

ඇමෙරිකාව කියන්නේ අපි කැමති වුණත් නැතත් අපේ පස්සෙන් එන, රත්තරන් දිවක් තියෙන ගැට කිඹුලෙක්.

:       2       21

ඉනායතුල්ලා Tuesday, 01 October 2024 12:07 PM

මේ ඇමෙරිකා තානාපතිනිය ලංකාවට එනකොට එතුමිය සිංහල දෙමළ දන්නේ නැහැ. දැන් ඇය භාෂා දෙකම ප්‍රගුණ කර ඇති අතර ඊට අමතරව කොරියානු ඇතුළු බොහෝ භාෂා සරල ලෙස හැසිරවීමේ හැකියාවද ඇය සතුය. ඇයට දැන් සිංහල දෙමළ සරලව කතා කිරීමට මෙන්ම ලිවීමටද හැකිය. විදේශ භාෂා ඉගෙනීමේ ඇගේ දක්ෂතාවය ඉතාම විශිෂටයි.

:       2       32

මැක්ස් Tuesday, 01 October 2024 12:10 PM

අරගලේ කාලේ මොන තරම් හිත මිතුරුකම් පෑ දෙපළක් ද මේ!

:       17       39

යෝගා Tuesday, 01 October 2024 01:28 PM

දැන් නැට්ටුවා රෙඩි මැඩම්. කැමැති පදයක් ගහන්න පුළුවන්...!

:       0       0

Toni Tuesday, 01 October 2024 02:30 PM

මේ එන්නේ ගජ මිතුරෝ... කොච්චර නම් උදව් කරන්න ඕනෑද එතනට එන්න?

:       0       0

don Tuesday, 01 October 2024 04:15 PM

ඔබ හරි... ඇමෙරිකාවටත් එපා වෙලා තිබුණේ... කළින් ආණ්ඩු 2 එක්ක ගණුදෙණු කරලා. ඒ නිසාම තමයි ඔවුනුත් ජනතාව සමග ඒකට හිටගත්තේ...

:       2       1

chandima Tuesday, 01 October 2024 10:04 PM

මේ අපේ රට වෙළඳ පොල ආර්ථිකයකින් දියුණු කරන්න ඉතාම හොඳ අවස්ථාවක්. ඒක පුද්ගල ආදායම වැඩිම රටවල් බොහෝමයක් ඉන්නේ අමෙරිකාව එක්කලා. වෙළඳපොල තියෙන්නේ එතැනයි. අපිව යුද්ධයකට තල්ලු කරලා ඉන්දියාව ඒ වෙළඳපලට රින්ගුවා. ඉන්දියනු මාධ්‍යවලට උණ ගැනිලා තියෙන්නේ ඒකයි. බුද්ධිමත්ව වියට්නාමය වගේ කටයුතු කළොත් අපි ගොඩ. චොප්පේ අයියා නැතුව හන්දියේ බාර් දාන්න අමාරුයි. ඒකයි ඇත්ත...

:       1       2

සෙනෙවිරත්න Wednesday, 02 October 2024 06:39 AM

මැක්ස් එළිබැහැලා, අරගලයෙන් කෙටිකාලීන හරි ගියෙ රනිල්ට, අරගලයේදී ඉල්ලූ වෙනස දිය හැකි අනුර වසර පහකට නීත්‍යානුකූල බලයට ආවා. පරණ දේශපාලනය කළ සජිත් සදහටම දේශපාලනිකව පසු බැස්සා. විපක්ෂ නායකකමත් නැතිවෙන තරමට...

:       2       1

සෙනෙවිරත්න Wednesday, 02 October 2024 06:41 AM

ඉනායතුල්ලා, වැදගත්, බුද්ධිමත් කාර්යශුර අය එහෙම තමයි, තානාපති සේවයට දාන්නේ ඒවගේ අය, මෙහෙ වගේ මහලු මඩම් කාරයොත්, ඇමැති මැති හතරවරිගේ අයත් නෙවෙයි. ගිය වැඩේ හරියට කරන අයයි... යැවිය යුත්තේ...

:       1       2

Manoj Wednesday, 02 October 2024 11:27 AM

අනුර, රනිල් දෙන්නා තමයි ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31292 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13484 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site