IMG-LOGO

ජනපති ගියොත් ඊළඟ ජනපති වත්මන් අගමැති

(අංජුල මහික වීරරත්න)

ජනපතිගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් වූ පසුව ව්‍යවස්ථානුකූලව සිදු විය යුත්තේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයට පත්වීම යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

නමුත් ජනතාවගේත් අරගලයේ යෙදී සිටින අයගේත් පොදු මතය මතය වී ඇත්තේ අගමැති ඉවත් විය යුතු බව යැයි ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

"එතුමා ඉවත් වෙනවද කොහොමද කියන එක අප දන්නේ නැතැයි"මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කීය.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්ෂෝ අබේ මහතා වෙනුවෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙි අවස්ථාවේ ඉතා හොඳ රජයක් ලෙස කටයුතු කරන විට අරගල ව්‍යාපාරයේ යෙදී සිටින පිරිස සමඟ සාකච්ඡා කළ යුතු බවද පාර්ලිමේන්තුව ගන්නා මොන විදිහේ ක්‍රියාමාර්ග තිබුනත් අරගලයේ යෙදී සිටින පිරිසගේ අදහස් යෝජනා සැලකිල්ලට ගෙන කටයුතු කිරීම වැදගත් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ප්‍රමාද වුණොත් දවසින් දවස රට නරක තැනකට ඇද වැටෙන්න පුළුවන් බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරගලයේ යෙදී සිටින පිරිස සමග සාකච්ඡා කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ක්‍රියා මාර්ග ගෙන රට සාමකාමී තත්ත්වයට පත් කළ යුතු බවද සඳහන් කළේය.

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (2)

ජනපති ගියොත් ඊළඟ ජනපති වත්මන් අගමැති

chandima Tuesday, 12 July 2022 10:40 PM

ඒ ජනතාවට අරගලයේ යෙදෙන පිරිස් කියන්න එපා. ඒ රටේ පොදු ජනතාවගේ හන්දා. මෙතෙක් කල් කළේ කුලියට කහින ගෝඨාභයගේ, රනිල්ගෙයි ඡන්ද අරන් ඒ දෙන්නට ඕන විදිහට ඒකාධිපති, අත්තනෝමතික ව්‍යවස්ථාවක් කෑලි කෑලි එකතු කරමින් ගොඩනගා ගැනීම. දැන් වෙලාව ඇවිත් තියෙනවා. මේ ඒකාධිපති බලතල ලබාදෙන ව්‍යවස්ථාව වෙනස්කොට ජනතාවට වගකියන මන්ත්‍රී මණ්ඩලයක්, අගමැතිවරයෙක් සහ ජනාධිපති තනතුරක් ඇතිවන ව්‍යවස්ථාවකට යාමට. රාජපක්ෂලා විනාශ වුණේත් රනිල්ගේ කපටි උපායමාර්ගික අවබෝධතා ගිවිසුම් නිසයි. පක්ෂ මැතිවරණ ක්‍රමය දිගටම පවත්වාගෙන යනවා නම් පක්ෂයේ ඕනෑම සාමාජිකයෙකුට පූර්ව මැතිවරණයකින් සිය ආසනය වෙනුවෙන් අපේක්ෂත්වය ඉල්ලීමටත්, මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් ඒ සඳහා පූර්ව මැතිවරණයක් පැවැත්වීමටත් කටයුතු කළ යුතුයි. මේ සේරම කරගන්නා තුරු ගෝඨාභය රට යවන්න එපා...

:       0       0

කිරි පුතා Wednesday, 13 July 2022 01:19 AM

එන ජනාධිපති කවුරු වුණත් කමක් නෑ , හුරතල් කරන එක නවත්වලා තදින් නීතිය ක්‍රියාත්මක කරලා රටේ විනය හදන්න ඕන ආර්ථිකය ගොඩ දාන්න කලින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site