(අජන්ත කුමාර අගලකඩ)
වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ලබන 20 වෙනිදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් වැඩ බාර ගැනීමට නියමිතව ඇත .
මේ අතර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස අනිද්දා (19)වැඩ බාර ගැනීමට නියමිතය .
ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය පී බී ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා ඉල්ලා අස් වූ අතර ,ඔහුගෙන් හිස්වූ පුරප්පාඩුවට ගාමිණී සෙනරත් මහතා පත් කරනු ලැබීය
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ගාමිණී සෙනරත් මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ද කටයුතු කළේය .
අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත අනුර දිසානායක මහතා ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි .ඔහු අධ්‍යාපන අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජනපති - අගමැති නව ලේකම්වරු 19 -20 වැඩ බාර ගැනෙති
sam Monday, 17 January 2022 04:43 AM
මම පිලිගන්නවා නායකයාට ගැලපෙන්න ලේකම් කෙනෙක් ගන්න පුළුවන් වෙන්න ඕන කියල. නමුත් දේශපාලන හෙන්චයියන් පත් කරගන්නවානම් නායකන් සම්පුර්ණ වගකීම ගන්න ඕන
Jay Monday, 17 January 2022 07:10 AM
මේකටත් උත්සවයක් තියමු. සල්ලි චුට්ටනේ යන්නේ
fairoos Monday, 17 January 2022 12:26 PM
ලේකම්ලා මාරු කරාට වැඩක් නැහැ .අපි පත් කරපු (දේශපාලකයන් )මේ වැඩ බැරි ටාසන්ලා ඉන්නකම්
දිසා....ගම්පහ. Monday, 17 January 2022 01:27 PM
විය යුත්තේ මෙයයි. වයස අවුරුදු 60 / 70 පැන්න වයසක මහල්ලන්ට ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් සහ වගකීම් සහිත අමාත්‍යාංශ සහ ආයතනයන්හි ලේකම් ධුර මෙන්ම සභාපතිධූරය, අධ්‍යක්ෂ ධූර ලබාදීමෙන් ගනු ලබන තීරණ පවා වැරදි සහගත විය හැකිය. මන්ද ඔවුන් විශ්‍රාමිකයින් බැවින් ඉන්ද්‍රියන් නිසියාකාරයෙන් ක්‍රියා නොකරන බැවිනි. විශ්‍රාම යන දක්ෂ නිලධාරීන් පමණක් උපදේශක වැනි තනතුරු සඳහා තබා ගැනීමේ වරදක් නැතත් අමාත්‍යාංශ ලේකම් වැනි තනතුරු නොදිය යුතුය. එම තනතුරු සඳහා තරුණ දක්ෂ රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව සලසා දීම විය යුතු අතර එය රටේ කාර්යක්ෂමතාවයට හේතු වනු ඇත.