
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ භාරතීය ජනතා පක්ෂයේ නායක, ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවැත්විණ.
ඉන්දියාවේ අමාත්‍යධූර කිහිපයක් හොබවා ඇති ස්වාමි මහතා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත් මිත්‍ර සම්බන්ධතාවක් වෙනුවෙන් පෙනී සිටි සහ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහය විය යුතු බවට සෘජුවම පෙනී සිටි අයෙකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පැවැත්වූයේද සුබ්‍රමනියම් ස්වාමි මහතාය.
ස්වාමි මහතා ඉන්දියාවේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු මෙන්ම සංඛ්‍යා ලේඛනඥයකුද වෙයි.
සුබ්‍රමනියම් ස්වාමි මහතා නැවතත් හමුවීමට ලැබීම සතුටක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම හමුවේදී පැවැසීය.


2025 දෙසැම්බර් මස 04
154
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති - සුබ්‍රමනියම් ස්වාමි අතර විශේෂ හමුවක්