
(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග කලාපයේ රාජ්‍ය නායකයන් හමුවීම සඳහා පෙබරවාරි මැද භාගයේදී තමා එහි සංචාරයකට යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම දී පැවසීය.
බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් තමා එම සංචාරයට යන බවද ජනාධිපතිවරයා කීය.
හෝමාගම පිටිපන පැවති මෙම ජන හමුව අමතමින් ජනපතිවරයා මෙසේද කීය.
ලංකා ඉතිහාසයේ සමහර ආණ්ඩු පරම්පරා අනුව හැදී තිබෙනවා.එමෙන්ම මැර කණ්ඩායම් යොදා මෙරට ආණ්ඩු ලබාගත් අවස්ථා තිබෙනවා.පාස්කු ප්‍රහාර වගේ කුමන්ත්‍රණ කර ආණ්ඩු ගත් අවස්ථා තිබෙනවා.එම පරීක්ෂණ හොඳට යනවා. බය වෙන්න එපා.
එමෙන්ම ලංකාවේ මාධ්‍ය වලින් එලෙස ප්‍රබල මතයක් හදන්නේ නැතිව, සල්ලි පොම්ප කරන්නේ නැතුව ලක් ඉතිහාසයේ හැඳුණු ආණ්ඩුව ජාතික ජන බලවේග රජයයි.
අපට ජාත්‍යන්තර සහාය නැතිව ඉදිරියට යන්න බෑ.මැද පෙරදිග කලාපයේ රාජ්‍ය නායකයන් හමුවීමේ අරමුණ එම සහාය ලබා ගැනීමයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.