(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (1) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස නවයක කාලයේ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශය කිරීමට නියමිතය.

රටේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය කරමින් ඉදිරිපත් කරනු ඇත.