IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ජනපතිගේ ඉල්ලා අස්වීම ලැබුණු වහාම කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට  බාර දුන් වහාම නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන්වූ පාර්ලිමේන්තු කටයුතු  හෙට (13) දිනයේම ආරම්භ කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට හෙට  (13) බාරදීමට නියමිතය.

එම ලිපියට ජනාධිපතිවරයා අද  අත්සන් තබා ඇතැයිද  ආරංචිමාර්ග වලින් පැවසිණ.

ජනාධිපතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දීමෙන් පසු     ඔහු විසින්  ඒ පිළිබඳව  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙට  (13) දිනයේම රටට  දැනුම් දෙනු ඇතැයිද  එම ආරංචි  මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් පසු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ පිළිබඳව දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුවෙයි. මේ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ලබන  15  වැනිදා සිකුරාදා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත.

අභිනව ජනාධිපතිවරයකු පත්කරගැනීම සඳහා නාම යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ පසුගියදා තීරණය කළහ . ඒ අනුව කතානායකවරයා ඒ තීරණය ජනාධිපතිවරයාට දැනුම් දුන් අතර සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා  කතානායකවරයාට දැනුම් දුන්නේ  ඉන් අනතුරුවය.



අදහස් (1)

ජනපතිගේ ඉල්ලා අස්වීම ලැබුණු වහාම කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

siri Tuesday, 12 July 2022 05:28 PM

ඔය ලිපිය දැන් එවන්නේ හිඟුරක්ගොඩ පැත්තෙන්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site