IMG-LOGO

ජනාධිපති ලේකම්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට ලිපියක්

(අංජුල මහික වීරරත්න)

රටේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා මේ පිළිබඳ දැනුම් දී ඇත.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන විසින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් විවිධ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය අතර දුරස්ථභාවයක් ඇති වී තිබෙන බව ජනාධිපති ලේකම්වරයා පවසයි.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිරන්තරයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර දේශපාලන අධිකාරිය හා රාජ්‍ය  නිලධාරීන් අතර සම්බන්ධීකරණය අවම වීම හේතුවෙන් විවිධ ගැටලු ඇති වීම නිසා සංවර්ධන කටයුතුවලට එල්ල වී ඇති බාධා සම්බන්ධයෙන් ද ජනාධිපති ලේකම්වරයාගේ අවධානය යොමුව ඇත.

 



අදහස් (1)

ජනාධිපති ලේකම්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට ලිපියක්

Mh Mohan Wednesday, 13 September 2023 02:52 PM

සංවර්ධන සැලසුම් තියෙනවද?

:       7       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 67 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 982 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site