IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරියේ ලංකාවට

(හර්ෂණ තුෂාර සිල්වා)


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාර්ඞ් මහත්මිය ප්‍රකාශ කර ඇත. 


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් හමුවීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ඇය ඒ බව සඳහන් කර තිබේ. 


ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිපත්ති, ප්‍රමුඛත්වය දිය යුතු ප්‍රතිපත්ති සහ රටේ අභියෝගාත්මක ආර්ථික පරිසරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවද එම නිවේදනයේ දැක්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇති ව ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට කැපවෙන බව ශ්‍රී ලංකා බලධාරීන් අවධාරණය කළ බව එහි සඳහන්ව ඇත. 


ශක්තිමත් ප්‍රතිපත්ති ගෙනෙමින්, එම ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට එහිදි දෙපාර්ශවයේම එකඟතාව පළ වී තිබේ.  එසේ කිරීම විශ්වාසය ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය බවත් ඒ අතරවාරයේදී ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ගෙනෙන තිරසර සහ ගුණාත්මකභාවයෙන් ඉහළ වර්ධනයක් කරා රට ගෙන යා යුතු බවත් කළමනාකරණ අධ්‍යක්ෂවරිය සඳහන් කර ඇත. 


මෙම ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් බවත් ආර්ථික වැඩසටහන පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඇය සඳහන් කර තිබේ. 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු පිරිසක් ඉකුත් දා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබිණි. 

අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2016 වසරේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් අනුමත කළේය. එහි පස්වැනි වාරිකය පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබුණත් ඇති වූ අවිනිශ්චිත සහ අස්ථාවර තත්ත්වය නිසා එම මුදල නොලැබිණි. ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් මස මුල් සතියේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණ ද එම සාකච්ඡා ද කල් දැමිණි.



අදහස් (7)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරියේ ලංකාවට

indhika Wednesday, 16 January 2019 07:19 AM

මේ පාර අපේ රූකඩ පොලිටික්කන්ට මොන වගේ නූල් ටිකක් බැඳලා යයිද දන්නේ නැහැ. කොහොමත් මෙයාලා එන්නේ අපේ රට තවත් අගාධයට දාන්නනේ. අපේ පොලිටික්කොත් ඊකට ෆුල් සපෝර්ට්...

:       7       150

jayatissaWednesday, 16 January 2019 10:24 AM

IMF ණය එපානම් ඔයා ගෙදර ගිහින් තාත්තාගෙන් ඉල්ලලා ගෙනත් ආණ්ඩුවට දෙන්න ගත්තු ණය ටික පියවන්න.

:       205       8

BamunuarachchiThursday, 17 January 2019 04:19 PM

යුද්දය කරන්න සල්ලි දුන්නේ ඔය ගොයියාගේ තාත්තාද? අර තාත්තා නයට අරන් යුද්දය කල නිසා තමයි ඔයාගේ තාත්තා ළමයි කරේ තියානගෙන හොගාන පොකුණ බලන්න කොළඹ එන්නේ. නැතිනම් ගෙදර 3 දෙනා කොළඹ ආවේ බස් 3 ක දැන් ඒවා අමතකයි නේද? ප්‍රභාකරන් සිංහලයාගේ ඔය අමතක වීම ගැන කීවා අපිට මතකයි.

:       37       21

de silva berlin Wednesday, 16 January 2019 10:07 AM

ඉන්දික මහත්මයා මේකේ සම්පූර්ණ වැරදිකාරයින්.. අපේ ඡන්ද දායකයින්, අපි පහුගිය අවුරුදු 40ක් තිස්සෙම කලේ හොරුන්ට, බොරුකාරයින්ට මනාපේ ගහලා පාර්ලිමේන්තු යවන එක... එමනිසා අපේ රට මේ තත්වයට වැටිලා අපට හිඟාකන්න සිද්දවෙලා තිබෙන්නේ... අපි කෙලින් වැඩ කළා නම් අපට මෙහෙම වෙන්නේ නැත. අනුන්ට දොස් කියලා ඵලක් නැහැ. අපි ඉදිරියට කරන්නෙත් මේකම තමයි.

:       0       21

Bravo Wednesday, 16 January 2019 01:55 PM

රෝත්චිල්ඩ් සෙට් එක අලුත් වැඩකට සෙට් වෙන්නයි යන්නේ. දැන් යුරෝප් හෝදලා ඉවරයි. ඒ ගොල්ලෝ දන්නවා මෙහෙ මර්කට් තවම ග්‍රෝ වෙන්න ඉඩ තියන බව.

:       0       22

Bamunuarachchi Wednesday, 16 January 2019 02:25 PM

මෙයාට අතට අත දෙන්න බය වෙන්න එපා..

:       0       6

Rohana Thursday, 17 January 2019 06:09 AM

නය ගන්න වෙලාවට බොහොම සතුටක් පෙනෙනවා. ඒ වුනාට පසුව ණය ගෙවන්න තියෙනවා කියලා නාහෙන් අඬනවා. ගත් ණය හරියට පරිහරණය කලානම් ගෙවන්න අපහසුවක් වෙන්න බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site