IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


‘‘ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ තිබෙනවා‘‘

(යොහාන් භාසුර)

වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

රට තුළ සෑම විනාඩි 10 කට වරක් රිය අනතුරක් සිදුවන අතර ඉන් දිනකට අහිමි වන ජීවිත සංඛ්‍යාව 8 ක් මෙන්ම වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 3000 කට අධික බවත් ඉන් බොහෝ දෙනෙක් සදාකාලික අකර්මණ්‍යත්වයට පත්වන බවත් එම සංගමය කීය.

විවිධ ආයතන මාර්ග ආරක්ෂාව සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග අනුගමනය කළ ද එම සියලු ආයතන එක්ව නිවැරදි දත්ත මත පදනම්ව ප්‍රතිපත්තිමය තීරණ ගතයුතු බවත් මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ අවශ්‍ය බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, විද්‍යාගාර රසායනික ද්‍රව්‍ය අවශ්‍යතාවන්, ආහාර හිඟය සහ එමගින් සමාජයට ඇතිවිය හැකි පෝෂණ ඌනතා වළක්වා ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී එම සංගමය අදහස් දැක්වීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලුවලට විසඳුම් සෙවීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට දිය හැකි සහාය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී එම සංගමයේ නියෝජිතයෝ එසේ පැවසූහ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම සාකච්ඡාවට සහභාගි විය

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෛද්‍ය සභාවේ උප සභාපති වෛද්‍ය සුසන්ත පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (7)

‘‘ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ තිබෙනවා‘‘

JANAHITHA Thursday, 30 June 2022 08:53 AM

ටයි පොලු බැඳගෙන සිහින මවනවා... වන්දි භට්ටයෝ රෝහලේ බෙහෙත් නැහැ... මුළු ලෝකයම දන්නවා... මේ අය දන්නේනැහැ.

:       0       0

de silva Thursday, 30 June 2022 10:43 AM

විකාර කියනවා සංචාරකයෝ ලංකාවට එනවද ඉස්පිරිතාලේ යන්න..? රටේ මිනිස්සුන්ට වැඩට යන්න තෙල් ටික සපයාගන්න බැරිව මොන සංචාරද? මෙතුමා හිතන් ඉන්නේ රටේ මිනිස්සු සියලු දෙනාම බැනර් අස්සේ හැංගිලා ඉන්නවා කියලා.

:       0       1

nona Thursday, 30 June 2022 10:46 AM

එතකොට අපේ මැති ඇමැතිවරු හෙම්බිරිස්සාවටත් සිංගප්පූරුවේ යන්නේ මොකද? තවත් රැවටිල්ලක් කරමින් උපාය මාර්ගිකව තමන්ගේ බඩ වඩාගන්න. හොඳයි... ඉතා හොඳයි.

:       0       1

ganegoda Thursday, 30 June 2022 11:09 AM

ඒ කියන්නේ ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ....

:       0       1

Prabha Thursday, 30 June 2022 12:24 PM

ඒ හින්දා වෙන්න ඇති උණ හෙම්බිරිස්සාවටත් මවුන්ට් එළිසබෙත් දුවන්නේ..

:       0       2

fairoos Thursday, 30 June 2022 01:05 PM

අසමත් වෙච්චි සර්ව තියාගෙන මොනවා කතාකරලත් වැඩක් නැහැ.

:       1       2

kamal Thursday, 30 June 2022 02:47 PM

පින්තූරේ ඉන්න සම්පත් ටික දැක්කාම හොඳට ඉන්න කෙනාටත් ඉස්පිරිතාලේ යන්න වෙනවා.. ඒ තරම් සිරියාවයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site