(ඩයනා උදයංගනී)
ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී අනිසි ලෙස බලපෑම් සිදුවී ඇත්දැයි සොයාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතාට උපදෙස් දී ඇත.
ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන් පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අයදුම්කරුවන්ගෙන් අනීතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බලා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජාතික පාසල්වලට විදුහල්පතිවරු පත් කරද්දි අනිසි බලපෑම් වුණාදැයි සොයන්න
නිමල් Tuesday, 08 February 2022 06:43 PM
ඒක කියන්නේ තමන්ගේ නඩුවලට පෙනී සිටි කෙනාව අධිකරණ ඇමති කරපු කෙනා. අනේද කියන්නේ...?
Shan Wednesday, 09 February 2022 12:08 AM
ඔය වගේ වැඩ තමුන්ගෙන්ම සහ පවුලේ අයගෙන් පටන් ගත්තා නම් නේද හොඳ? අර උසාවියට කට්ටි පැන පැන හිටිය ඒවා එහෙම...
චිත්‍රසේන මුද්දුව Wednesday, 09 February 2022 06:40 AM
විශ්ව විද්‍යාලයක් සදහා කුලපති පත්කරන්න පත්වීමට අපේක්ෂා කරන කෙනකුගේ ඉල්ලීම මත දේශපාලුවො ඔබතුමාට ලිපි එව්වනම් ගමේ දේශපාලනය කරන විදුහල්පතිලා එහෙම නොකරයිද,
චන්දන Wednesday, 09 February 2022 07:48 AM
මේ නියෝගයෙන් ප්‍රයෝජන ගන්න බලන් ඉන්න අයත් ඇති...
Sunil Wednesday, 09 February 2022 10:36 AM
විදුහල්පතිවරු පත්වීම්දී පමණක් නොවෙයි ,හැම රාජ්‍ය ආයතනයකම ඉහල පත්වීම් වලට ඉහලින්ම අනිසි බලපෑම් එනවා
අප්පුහාමි Wednesday, 09 February 2022 01:35 PM
සුනිල් හරි ඇත්තටම උසස් තනතුරු සඳහා තෝරාගැනීමේ විභාගවලටත් බලපෑම් අපමණයි.. අසමත් කෙනා රජයට හිතවත් නම් විභාගයට අයදුම්පත්‍ර ඉදිරිපත් කර විභාගය නොලිව්වත් සමත්, ලිව්වා නම් ලකුණු අඩුවෙලා සමත් කෙනා විපක්ෂයේ නම් ලකුණු මාරුවෙනවා.. ඇත්ත තත්වය ඒක තමයි..
sharm warn Wednesday, 09 February 2022 12:23 PM
විදුහල්පතිවරු කොහොම වෙතත් කුලපතිලා නම් එහෙමයිලු පත් කරලා තියෙන්නේ
Hafeel Wednesday, 09 February 2022 12:26 PM
අයදුම්කරුවගෙන් එහම අනිසි බලපෑම් එල්ලවිය හැකිද? මේක පිළිගන්න පුළුවන් එකක්ද? එහම බලපෑම් එල්ල කල හැකි ආණ්ඩු පක්ෂයෙන් පමණයි. මේ කතා එවිල්ල ජනතාවට පෙන්නන්නේ තමා අවදියෙන් ඉන්න බව.