IMG-LOGO

‘‘ජැක්සන් අනතුරට ලක් කළ අලියා තවම හමු වී නෑ‘‘

(ඩයනා උදයංගනී)

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් රියෙහි හැපුණු අලියා සම්බන්ධයෙන් සොයාබැලීමට වනජීවී දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් යොමුකර ඇතැයි කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එම අනතුර සිදුවූ ප්‍රදේශය අවටින් මෙතෙක් තුවාල ලැබූ අලියකු පිළිබඳ වාර්තා වී නොමැති බවත්, එබැවින් අදාළ අලියා සුවයෙන් ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එම අනතුරට මුහුණ පෑ අලියා ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍යවල පළවන්නේ ඉන්දියාවේ දුම්රියක හැපුණු අලියකුගේ ඡායාරූප බව ද ඇමති මහින්ද අමරවීර මහතා කීවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

දැනට අනතුරට ලක්වූ අලියා බව කියන අලියකු ගැන තොරතුරක් ලැබී ඇති බවත්, ඒ තොරතුරු සම්බන්ධයෙන් ද සොයාගෙන යන බවත් ඇමතිවරයා පැවසීය.

අනතුරට ලක්ව තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව කී ඇමතිවරයා අනතුර සම්බන්ධයෙන් ද අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි ප්‍රකාශ කළේය.

 



අදහස් (5)

‘‘ජැක්සන් අනතුරට ලක් කළ අලියා තවම හමු වී නෑ‘‘

oshara Tuesday, 05 July 2022 11:28 AM

අනේ ඔව් ත්‍රිවිද හමුදාවම දාල හරි කමක් නැ, එකව හොයගන්න ඉක්මනටම, රාජපස්සලාට වඩා මහ අපරාදයක් මෙකා මේ කලේ. එකාව හොයා ගත්තොත් මේ වෙලවෙ තියෙන ප්‍රශ්නවලට සැහෙන්න පිලිතුරු ලබේවි!!

:       7       10

Sunil Tuesday, 05 July 2022 12:43 PM

ජැක්සන් අනතුරට පත්කල අලිය නොව ජැක්සන් නිසා අනතුරට පත් අලියා යනුවෙන් මෙ ශීර්ෂ පාඨය නිවැරදි විය යුතුයි.

:       1       14

Lalith M Tuesday, 05 July 2022 08:10 PM

ඒක ඇත්ත. ජැක්සන් අසීමිත වේගයෙන් ධාවනය කිරීම නිසා අලියාගේ ගැටී තිබෙන්නේ.

:       0       0

RanjithT Tuesday, 05 July 2022 01:02 PM

කෙසේවෙතත් ජැක්සන්ට ඉක්මන් සුවය පතමු.. කරුණාකර අලියාව හොයාගෙන බෙහෙත් කරන්න. අලියාත් ජාතික වස්තුවක්නේ...!

:       0       0

jayath Tuesday, 05 July 2022 01:49 PM

මනුස්සයෙක් විදියට, දක්ෂකම් තියන, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, සමහරු වගේ පව්ඩර් බබෙක් නොවන කලාකාරයෙක් විදියට සිදුවූ දේ ගැන කණගාටුයි... නමුත් ඇතැම් සමාජ මාධ්‍ය වලින් මනුස්සකමත් අමතක කරලා පතුරු ගහන්නේ ඇයි කියලා හිතාගන්න බෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 375 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site