IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඡන්ද පෙට්ටි මාරු කිරීම් සැක දුරුකරන්න පියවර

(ජේ.ඉඳුරුවගේ )

ඡන්ද විමසීමකින්  පසු ඡන්ද බහාලූ පෙට්ටිම  කිසිදු වෙනසක් නොමැතිව ඡන්ද ගණන් කිරීමේ ශාලාවට ගෙනෙන්නේද යන්න පිළිබඳව සමහර පාර්ශවයන් තුළ පවතින සැක දුරු කිරීම සඳහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී  පියවර කීපයක් ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

මෙයින් එක් පියවරක් ලෙස ඡන්ද විමසීමෙන් පසු  ඡන්ද පොළේ සිට ගණන් කිරීමේ ශාලාව දක්වා වූ අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි ගෙන එන වාහනය පිටුපසින් අඅපේක්ෂකයන්ගේ  නියෝජිතයන්ට  වාහනයකින් පැමිණීමට අවශ්‍යයැයි කරනු ලබන ඉල්ලීමකට  ඉඩදීමට  තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කියයි.

තරග කරන සියලු මැතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් මෙලෙස වාහන යාම ප්‍රායෝගික නොවන බැවින්  මේ සඳහා ඉල්ලීම් කර  කලින් අවසර ලබා ගතයුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඊට අමතරව   තවත් අවශ්‍යනම් එම  අවසන් පොලිස් මුරපොළේ සිට ගණන් කිරීමේ ශාලාව පරිශ්‍රය දක්වා මග දෙපස ස්වකීය ගණන් කිරීමේ නියෝජිතයන් රැඳවීමට හැකියාව තිබෙන බවද එම කොමිෂන් සභාව පවසයි.

ඊට අමතරව    මෙවර ඡන්ද විමසීමෙන් පසු ඡන්ද පෙට්ටි මුද්‍රා තැබීමේදී අහඹු ලෙස තෝරාගත් ඡන්ද පොළ කාර්ය මන්ඩලයේ හා නියෝජිතයින් විසින් පිටපත් හයකින් යුතුව අත්සන් තැබූ ආකෘතියක මුල් පිටපත එහි අලවා එක් පිටපතක් ගණන් කිරීමේ ශාලාව වෙතද අනෙකුත් පිටපත් ඡන්ද පොළ නියෝජිතයන් වෙතද ලබා දෙන බවත් පෙර මැතිවරණවලදී මෙන් මෙවරත්  ඡන්ද පත්‍රිකා බහාලූ   පෙට්ටිය විනිවිද පෙනන බෑගයක දමා අගුළු දැමීම සිදුකරන බවත්   මැතිවරණ කොමිෂන් සභාව පවසයි.



අදහස් (2)

ඡන්ද පෙට්ටි මාරු කිරීම් සැක දුරුකරන්න පියවර

නිලන්ත Sunday, 10 November 2024 03:43 PM

හිටපු බංකොලොත් දේශපාලුවෝ ගොතපු හිතළු කතා ජනතාව විශ්වාස කිරීම නිසා මෙහෙම වෙලා තියෙනවා කියලා මැතිවරණ රාජකාරි කළ අයෙක් හැටියට කියන්න පුළුවන්... බොහෝ අපේක්ෂකයින්ගේ හෙන්චයියන්ට ඡන්ද පෙට්ටි ගෙනයන වාහනයේ යාමට නොලැබෙන නිසා තමයි මෙහෙම කතා ගොතන්නේ....

:       1       9

ගමේ එකාලා Monday, 11 November 2024 02:15 PM

බලලෝබී , දුෂිත පවුල් පාලනේ බලයේ ඉන්න කාලේ නම් සෑහෙන්ඩ ඡන්ද දූෂණ ,කොම්පියුටර් ජිල්මාට් පවා සිද්ධ වුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site