IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණයට විශාල මුදලක් වැය වෙනවා

(යොහාන් භාසුර)

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව මුද්‍රණය කිරීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් අතිරේක මුදලක් වැයකිරීමට සිදුව ඇති බවත් රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසීය.  

සියලුම තැපැල් ඡන්ද පත්‍රිකා මීට පෙර මුද්‍රණය කර තිබුණ ද නඩු තීන්දුවලට අදාල සියලුම පළාත් පාලන ආයතනවල තැපැල් ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණ කිරීමට සිදුව ඇති බවත් පළාත් පාලන ආයකන 249 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබුණ ද ඒවායේ ද අධිකරණ තීන්දුවට අදාල පළාත් පාලන ආයතන සැළකිය යුතු සංඛ්‍යාවක් ඇති බවත් පුෂ්පකුමාර මහතා කීය.

එම පළාත් පාලන ආයතනවල ද සියලුම ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණ කිරීමට සිදුව ඇති බවත් ඒ සඳහා දින කීපයක් ගතවනු ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.  



අදහස් (2)

ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණයට විශාල මුදලක් වැය වෙනවා

චිත්‍රසේන Friday, 18 April 2025 08:21 PM

හරියාකාරව නාමයෝජනා පත්‍ර සැකසීමට නොහැකිව අධිකරණයේ පිහිටෙන් මැතිවරණය සදහා ඉදිරිපත් වෙලා ජයග්‍රහණය නොකොලොත් ඔවුන්ගෙන් අලාභය අයකිරීමට නීතියක් අනාගතයේදී ඇතිකිරීමට කටයුතු කලොත් සිදුවෙන නාස්ති වලක්වන්න පුළුවන් වේවි

:       0       0

prasanna Saturday, 19 April 2025 03:05 PM

අපෝ සල්ලි ඕනෑ තරම් තියෙනවා. සංචිත පැටවු ගහලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site